“සිරියලතාගේ දුවත් එක්ක තියෙන සම්බන්දෙ මොකද්ද....”
“ඈ.... ඒ කව්ද ඒ....”
කොහෙද නැති සිරියා ලතෙක් ගැන අහද්දී සිරිමල් මගේ කනට කෙදිරුවා...
“සකුන්තලා....”
කිරි අප්පට බල්ලෝ බුරපි කිව්ව ලු.... හාමු මොකදට දන්නේ නෑ ඒක ගැන අහන්නේ.....
“ඇයි අහන්නේ....”
“උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක් අහන්ඩ එපා සිහින... මන් මනාප නෑ ඒකට.....”
ඒ උනාට මන් මනාපයි කියන්න ඕනේ උනත් කට වහගත්තේ සිරිමලා කිව්වත් වගේ උදහසට ලක් වෙලා දඩු කදේ ඉන්න වෙයී කියලා ආපු සාදාරන බය හින්දම ....
“මක්කද කිව්ව නම් ඔය හැටි හිතන්නේ...... ම්ම්ම්ම්ම්ම්ම්....”
“අහ්හ් නෑ... හිතන්නේ නෑ.... අපි යාලුවෝ.... එච්චරයි....”
“ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඒ උනාට කමක් නෑ..... සිහින,සකුන්තලාගෙන් අතේ දුර තියාගන්නවා නම් මන් කැමති.....”
ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට...
ෂුවර් එකට උදෙත් නැට්ට පාග ගත්තේ මන් සකුන්තලා එක්ක කතා කරනවා දැකලා වෙන්න ඇති....
කෙලින්ම කිව්ව නම් ඉවරයි නෙ දෝණිගෙන් ඈත් වෙලා හිටපන් කියලා.....
ඇයි යකෝ.... මන්ද ඒ හුලන්තලාගේ පස්සෙන් ගියේ.... උබ නටන්න එපා හාමු.....
උබ උදේ මාව දුවිල්ලෙන් නෑව්වේත් එකයි..... හරි හරි ඔහොම යන් කෝ.... සකුන්තලා... ම්ම්ම්ම්ම්" සිහිනට මන් ඔය තරම් කල්පනා කරන්න දෙයක් කිවව්ද.........”
“හ්හ්හ්... අනේ නෑ නෑ....”
“හ්ම්ම්ම්ම්ම්ම්ම්....”
තවත් මොහොතක් හිටපු හාමු යන්න ගියේ වචනයක් වත් නොකියා......
“ඒඑ මොකද්ද උනේ....”
මෙන්න මුගේ කටට පන ඇවිල්ලා....
“ඒ සිහිනයෝ.... හාමු.... සකුන්තලාට........”
“ඇයි උබට අව්ල්ද... දැක්කද කියපු හැටි....සිහින,....... සකුන්තලා ගෙන් අතේ දුර තියාගන්නවා නම් මන් කැමති..... දැක්කද සීරිමලෝ... ඕක තමයි උදේ මාව දුවිල්ලෙන් නාවන්න හේතුව....”

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...