“පරිස්සමින් කොල්ලෝ.... උබට ඕක පුළුවන් ද.....”
“ආයේ බය වෙන්න එපා සීයේ... මට පුළුවන්.... එහෙනම් මන් යනෝ.... කිරි අම්මේ මන් යනෝ...”
සීයා ඊයේ වින්කලේට ගිහිල්ල බයිසිකල් එක හදාගෙන ඇවිල්ලා තිබ්බ නිසා මන් අද ඉස්කෝලෙට යන්න පිටත් උනේ බයිසිකල් එකෙන්....
උදේට ගමට ඉර පායනකොට හරිම ලස්සනයි....
හීනි අව් රැල්ල මගේ මූන සිප ගද්දි මන් හෙමිහිට බයිසිකලේන් ඉස්සරහට ඇදුනේ දැනටමත් ඉස්කෝලෙට යන ළමයිව පහු කරගෙන....“සිහින.....”
පස්සෙන් ඇහුන කටහඩ නිසා බයිසිකලේත් නවත්තන් හැරිලා බැලුවේ මගේ නම කිව්වේ කව්ද බලන්න....
“අහ්හ් ටීචර්..... ගුඩ් මොර්නින්ග්...”
“ගුඩ් මොර්නින්ග්.... ටීචර් කියන්න එපා අනේ... මන් සකුන්තලා...”
එතරම් සුදුත් නැති කලුත් නැති දුබුරු පාට හමක් තිබ්බ ලා රෝස සාරියක් ඇදගෙන දිග කොන්ඩ කරලත් පද්ද පද්ද මන් ලගට ආවේ අපේ ඉස්කෝලේ සිංහල මිස්...
එයාටත් හිනාවක් දීලා මන් බයිසිකල් එකෙන් බැස්සේ එයත් මගේ වේගෙන්ම ඉස්සරහට යන්න ගත්ත නිසා...
විස්තර කතා කර කර... අපි හෙමිට ඉස්කෝලේට ඇදුනේ තවත් වෙලා තිබ්බ නිසා උනත් ඒක පාරටම....
බ්‍රාස්ස්ස්ස්ස්......
වේගෙන් ආපු කළු කාර් එකක් අපි හිටපු හරියෙන් බ්‍රේක් ගහලා ආපහු වේගෙන් ගියේ මගේ ලා නිල් පාට ශිර්ට් ඒක කළු වෙලා යද්දී....
“දෙයියනේ සිහින දුවිලි නෑව නේද...ඇත්තටම මේ හාමුලා හිතන් ඉන්නේ පාරවල් එයාලගේ කියලා එකෙක් හැප්පුනත් ගානක් නෑ.....”
දුවිලි නාලා හිටපු මාව සකුන්තලා මිස් සාරි පොටෙන් පිහන ගමන් හාමුට දෙහි කපන්න ගත්ත....
“කමක් නෑ මිස්....”
මාව පිහ පිහ හිටපු එයාව නැවැත්තුවේ දැනටමත් ඉස්කෝලේ පොඩි කොල්ලෝ කෙල්ලෝ අපි දිහා අමුතුවට බලපු නිසා....
ඊටත් එහා අපි දෙන්නම එක වයසේ හින්ද ඒක සකුන්තලාට හොද නැති වෙඉ කියලා හිතුන හින්ද...

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...