දෙවැනි දිගහැරුම...

9.6K 722 61
                                        

“මක්කද සුදු මහත්තයා දැන් කොරන්නට හිතාගෙන ඉන්නේ... මන් හිතනවා අපහු නගරේට ගාටන්නේ නැති වෙඉ කියලා....”

“බලමුකෝ සීයේ.... ”

“බලමු නෙවෙඉ... ඔහේ තනි පංගලමේ ඉන්ට එපා.... දැන් ඒ ගෙදර වහලා දාලද ආවේ...”

“නෑ සීයේ... මගේ යාලුවෙක්ට කුලියට දුන්නා...”

“ඒක හොදා සුදු මහත්තයා... උබට ඇහැකි නෙ මෙහෙ ඉන්ට.... මටයි නන්දටයී උබ බරක් නෙවෙඉ....
අනික උබ තුන් මාසයක් යනකන් ඔහේ තනියම හිටියේ තියෙන හිතුවක්කාර කමට නෙ..... මන් හිතන් හිටියේ තව තුන් දොහක් යනකන් බලලා එහෙ එන්ට....”

“අනේ සීයේ.... අම්මගේ දානේ එහෙමත් ඉවර කරලාම එන්නයි හිටියේ.... අනික රස්සාවත් මෙහෙට මාරු කරගන්න ටිකක් කල් ගියා....”

“අහ්හ්... මට එකත් නිච්චියක් නැතිව ගියා.... මොකද වැඩේ....”

“අව්ලක් නෑ සීයේ... ගමේ ඉස්කෝලේට පත්වීම හදාගන්න පුළුවන් උනා....”

“ඒක හොදා කොල්ලෝ.... හැබැයි මෙහෙ ගැටයෝ එක්ක ලේසි වෙන්නේ නෑ.... ඕකුන් නසරාණි....”

අපි හිටියේ ආගිය තොරතුරු කතා කර කර රෑට කන ගමන්....

“සුදු මහත්තයෝ ඇති තරම් බෙදාගන්න.....”

මගේ ඔලුවත් අතගාන ගමන් කිරි අම්මා කියද්දී මගේ හිතට මහා විශාල බරක් දැනුනේ තාත්තත් නැති මට අම්මගෙන් පස්සෙ මෙහෙම ආදරයක් ලැබුන පලවෙනි පාර නිසා...

“සුදු මහත්තය හෙට සදුදා නෙ ඉස්කෝලේ යනවද...”

“ඔව් කිරි අම්මේ... හෙට පත්වීම දෙන්න ඕනේ....”

“හ්ම්ම්ම්ම් යන් මන් එක්කාසු කොරන් යන්නම්...”

“අනේ වද වෙන්න ඕනේ නෑ සීයේ...”

“වද වෙන්නඑපා කියන්නේ කොල්ලෝ... උබ දන්නවද මේ ගමේ පාරවල්.... පණ්ඩිත නොවී ඉදහන්.... නන්දෝ අර ගබඩාවේ තියෙන පරණ බයිසිකල් කට්ටත් එළියෙන් තිබ්බා නම් ඕකත් හදන් එන්න... නැත්තං මේකට හැමදාම පයින් ගාටන්න වෙඉ....”












“සුදු මහත්තයා දෙන්න මන් මැදලා දෙන්නම්....”

“අනේ එපා කිරි අම්මේ... මට පුළුවන්...”

අවසන් සඳ....(completed)Where stories live. Discover now