පළමු දිගහැරුම..

22.4K 970 36
                                        



“චැහැ..... මාර රස්නයක් නෙ....”

බස් එකෙන් බැහැපු මන් ඉස්සරහට ආවේ වීල් එකක්‌ හොයා ගන්න...

“###### යන්න පුළුවන් ද.....”

“හරි හරි නගින්න මහත්තයා...”

.........

“මේ දවස් වල මාර කාස්ටකේ නෙ....”

“හ්ම්ම්ම්ම්ම්...”

අව්ව හින්දම රතු ගැහිලා තිබ්බ මූන දැක්ක නිසාද කොහේදෝ වීල් එක එලවන වයසක මනුස්සයා ඇහුව...

“මහත්තය මෙහේද....”

“නෑ.... මේ අම්මගේ ගම....”
........

Town එකෙන් ඈතට යන්න යන්න... අර තිබ්බ විනසකාරී ගතිය නැති වෙලා පරිසරය සන්සුන් වෙන්න අරන් තිබ්බා....

පලවෙනි වතාව....

අම්මා අම්මගේ ගම ගැන නොයෙකුත් දේ කියලා තිබ්බත් මන් ගමට එන පලවෙනි පාර...

“මහත්තයා මෙතනින් කොහාටද....”

“පාරක් දන්නේ නෑනෙ..... මන් මේ එන පලවෙනි පාර...”




ගම මැදට වගේ ඇවිල්ලා අපි නැවතිලා හිටියෙ තුම්මන් හන්දියක...

වම් පැත්තෙන් සරුසාරේට හැදිච්ච වෙල් යාය.... දකුණේන් මහා විසාල නිල් පාටට රැලි ගහන වැව.... හරිම ලස්සන පැත්තක්....

“අනේ මහත්තයෝ මෙතනින් එහාට මන් දන්නෙත් නෑ...”

“කමක් නෑ සීයේ.... මන් මෙතනින් බහින්නම්.... කීයද ගාන...”

“හාරසිය පනහයි....”

ත්‍රිවීල් එකට සල්ලිත් දීලා මන් බැස්සා....

“මල්ලි....”

විනාඩි පහක් විතර හන්දියේ තිබ්බ නුග ගහ යට ඉදන් හිටපු මන් දැක්කේ වැවේ නාන්න ගිහින්ද කොහේ එන කොල්ලෝ දෙතුන් දෙනෙක්....

“ගුණසේන වෙද මහත්තයගෙ ගෙවල් කොහේද තියෙන්නේ....”

මන් කතා කරද්දී ලගට ආපු පොඩි කොල්ලෝ ටිකගෙන් ඇහුව....

“අයියා ඉස්සෙලම ද මේ එන්නේ....”

“අනේ නෑ මල්ලි.... මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා ගොඩක් පොඩි කාලේදී.... දැන් පාර මතක නෑ....”

අවසන් සඳ....(completed)Where stories live. Discover now