සතියකට පසු..
" හෝසොක්.. මම කිව්ව දේ ගැන හොයලා බැලුවද?
පහුවදා උදේන්ම හෝසොක්ට කතා කරපු ටේහ්යුන් හෝසොක්ගෙන් ඇහුවේ එයා ජර්මනියේ ඉදන් රුසියාවට ලගදිම යන්න තියෙන නැව ගැන එයා හොයන්න කියපු එක ගැන.
" සර්.. මම ඒ ගැන හෙව්වා. ජර්මනියේ ඉදන් රුසියාවට ඍජුවම යන්න නෞකාවක් නෑ. ජර්මනියේ ඉදන් ස්වීඩනයට ගිහින් වෙන නෞකාවකින් තමයි රුසියාවට යන්න වෙන්නෙ.. ඒත් සර්.. ප්- පොඩි ප්රශ්නයක් තියෙනවා.. "
හෝසොක් එහෙම කියලා අවසාන ටික අවිශ්වාසෙන් අදිද්දි අලුත් ගුවන් යානා වලට සම්භන්ධ කරන්න තියෙන අලුතින් හැදුව මිසයිල සෙට් කරන විදිහ බලන ගමන් හිටිය ටේහ්යුන් හෝසොක් දිහා බැලුවා.
" මොකද්ද ප්රශ්නේ හෝසොක්? ප්රශ්නේ තියෙන්නෙ නැවට දෙන්නෙක්ට වැයවෙන මුදල් නම්.. ඒ ගැන වද වෙන්න එපා. ටේහ්යුන් කිම් කියන මට මුදල් වලින් අඩුවක් නෑ.."
එහෙම කිව්ව ටේහ්යුන් එයාගෙ අත් දෙකත් පිටිපස්සට කරලා බැදගෙන එතනින් යන්න පටන් ගත්තා.
" න්.. නෑ සර්.. යුද්දේ නිසා ජර්මනියෙන් පිටත් වෙන මගී නෞකා දැන් ගොඩක් අඩු කරලා. ාපේ රටේ ඉදන් ස්වීඩනය දක්වා වර්ශයකට පිටත් වෙන්නෙ එක නැවයි. ඒත් ඒ නැව මීට මාස දෙකකට විතර කලින් පිටත් වෙලා.."
හෝසොක් ඒ කියපු දේත් එක්කම පිටිපස්ස හැරුනු ටේහ්යුන් කේන්තියෙන් රතු කරගත්තු ඇස් වලින් හෝසොක් දිහා බැලුවා.
" ආපහු කවද්ද මෙහෙන් ස්වීඩනයට නැවක් යන්නෙ?"
ටේහ්යුන් කේන්තියෙන් ම් ඉමිනුවා.
" ආ.. ආපහු ස්.. ස්වීඩනය දක්වා න්.. නැවක් ය්.. යන්නෙ ඊලග අවුරුද්දේ මාර්තු මාසේ. තවම දිනයක් ස්තීර වශයෙන්ම ක්.. කියලා නෑ.."
ටේහ්යුන්ගේ කේන්තියට නලලේ කොළපාටින් ඉලිප්පිලා පේනනහර දිහා බයෙන් බලාගෙන හෝසොක් ගොත ගගහා කිව්වා.
" fuck it හෝසොක්.."
කේන්තියෙන් ලග තිබ්බ ගල් තාප්පෙකට ගැහුව ටේහ්යුන් ඒ ගල් වලට එයාගෙ අත තුවාල උනා කියලාවත් නොබලා එහෙම්මම ගියේ එයාගෙ කැබින් එකට.

YOU ARE READING
𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎
Short Story" මම ඔයාට පොරොන්දු වෙනවා මගේ පුංචි ඒන්ජල්.. මම අපේ අවසානය සතුටුදායක කරනවාමයි! " මතකයි තවමත් අද වගේ තුරුල් කරන් මේ පපුවට ඔබව මම කිව්වා මගේම හිත හදාන්.. ඒත් මට සමාවෙයන් ඒන්ජල්.. උබේ ජීවිතය බේරගන්න බැරි උන මං උබේ පස්සෙන්ම එනවා ඊලග ආත්මයේදිත් උබවම පතාං...