♡ COLOUR RUSH ♡
_________________________මෙම කතාවේ සියළුම අයිතීන් මා සතුවේ . මෙය මාගේ ස්ව නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න.මෙහි ඇති සමහර ගම් , නගර , ස්ථාන මන:කල්පිතව නිර්මාණය වෙනුවෙන් යොදාගෙන ඇත . මෙහි සිටින සියලුම පුද්ගලයින් මාගේම මන : කල්පිතයකට අනුව නිර්මාණය කර ඇති බව පාඨක ඔබවෙත ආදරයෙන් මතක් කර සිටිමි !!
( උපුටා ගැනීම හෝ කොටස් ලෙස උපුටා පලකිරීම සපුරා තහනම් .)
AUTHOR : AnSh_ThilaNyA
****************************************
රිද්ම පොලිස් ස්ටේශන් එකට ආවේ තරමක කලබලෙන් . ඉක්මන් ගමනින් තම කාර්යාල කාමරයට ඇතුල් වුනු රිද්ම ෆයිල් අතර යමක් පිරික්සන්නට ගත්තා . ලිපිගොනු කිහිපයක් මේසය මත දිග ඇරගත් රිද්ම නළල රැළිකරගනිමින් ඒ අතර යමක් සංසන්ධනය කරමින් සිටියා .
"...එක්ස්කියුස්මී සර් ..."
රිද්මගේ කාර්යාල කාමරයේ දොර විවර කරමින් ඇතුලට පිවිසුනේ ClD Officer ඇසළගේ කාර්යාල සේවකයෙක් .
"...ඔව් එන්න ..."
"... මොකටද ආවේ .."
මේසය මතට දෑත් තබාගෙන ලිපිගොනු අතර දෑස් ඒ මේ අතට වේගයෙන් ගෙනයමින් උන් රිද්ම හිස මදක් ඔසවා එම සේවකයාට අතින් ඉදිරියට එන්නට අණ කෙරුවේ ආ කාරණය ද , ඒත් සමගම විමසමින් .
"...සර් මං ආවේ අපේ ඇසළ මහත්තයා මෙන්න මේ ෆයිල් එක සර්ගේ අතටම දෙන්න කිව්වා ඒකයි සර් .."
ඔහු යටහත් පහත්ව අතරැදි ෆයිල් කවරේ රිද්මගේ අතට දීලා පසුපසට උනා .
"...හොදයි ස්තූතියි ....."
අතටගත්තු ෆයිල් එක පැත්තකින් තියලා රිද්ම ආයිත් මේසය මතවූ ලිපිගොනු මතට දෑස් නැඹුරු කෙරුවේ කාර්යාල සේවකයා රිද්මට ආචාර කරලා කාමරයෙන් පිටව යද්දී .
_________ C O L O U R R U S H __________
ශකීට ආපු ඇමතුමකින් පස්සේ ශකී ප්‍රැක්ටිස් රූම් එක ඇතුලට ආවේ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන .
"...මොකද බං මේ ... ශකියා ... මොකෝ බං ... "
මිහේන් වගේම ටිරාත් ඉන්ස්ටෘමන්ට් පැත්තකින් තියලා එතනින් නැගිටලා ශකී ලගට ආවේ ශකීගේ කලබල වෙච්ච මූණේ ඉරියව් එක්ක කුතුහලෙන් .

YOU ARE READING
COLOUR RUSH ( BL - YIZHAN )
FanfictionBL / Serial killer Story අනුක්‍රමික දාම ඝාතකයෙකුගේ සාහසික ඝාතන රැල්ලක් .. අභිරහසකට මැදිව අවමානයට ලක්වන තරුණ නායකත්වයක් .. හොර රහසේ ගලායන සමරිසි ප්‍රේමයක් .. අවසානය කිසිවෙකුත් නොහිතන උභතෝකෝටිකයක් ...