" stand.....bat up....play.....!  Again......!!
Stand.....bat up... play......"

ඉන්ඩෝ ස්ටේඩියම් එක පහු කරගෙන යද්දි මට ඇහුනෙ කාශ්‍යප අයියාගෙ කටහඬ....කාශ්‍යප අයියට තියෙන්නෙ ගැඹුරු පවර්ෆුල් කටහඬක්....ප්‍රැක්ටිස් එන පොඩි මල්ලිලා නම් එයාගේ කටහඬත් බයයි....අයියා තමා ගොඩක් වෙලාවට අන්ඩර් සෙවන්ටීන් මල්ලිලාට බැටින් ඩ්‍රිල් පුරුදු කරවන්නෙ.....

මන් ඉස්සරහට යන්න තිබ්බ අඩිය හිතලම ස්ටේඩියම් එක පැත්තට තිබ්බා....
එයාට කටහඬ ස්ටේඩියම් එක අස්සේ දෝංකාර දෙනවා....
ඇතුලට ගිය මන් උඩ බැල්කනිය වගේ තියන ෆැමිලියන් එකෙන් වාඩිවෙලා එයාලා දිහා බලන් හිටියා....

ඇතුලට ගිය මන් උඩ බැල්කනිය වගේ තියන ෆැමිලියන් එකෙන් වාඩිවෙලා එයාලා දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙලාවකට මටම තේරුම්ගන්න බෑ ඇයි මේ මනුස්සයා මගෙ හිතට මෙච්චර වද දෙන්නෙ කියලා.....

" ප්ලේ කිව්වට පස්සෙයි ශොට් එක ගහන්නෙ.......පිටිපස්සෙ කකුල නමන්නෙ නෑ.....! ඉස්සරහ දනිස්ස විතරයි....OK...!!! again....!!! "

පොඩි මල්ලිලා ඉන්න පෝලිම් හතර මැද්දෙන් එහා මෙහා යන කාශ්‍යප අයියා අඩුපාඩු තියන තැන් ගැන උකුස්සෙක් වගේ බලන් හිටියේ.... ඉස්සර මාත් බැටින් ඩ්‍රිල් වලදි එයාගෙන් බැනුම් අහලා තියනවා කියලා මතක් වෙද්දි මට තනියම හිනාවක් ගියා....

" බැලන්ස් එක තියාගන්නවා.....!! ශොට් එක ගහලා වැනෙන්න එපා බීලා වගේ...."

" මේ මල්ලි ඔය බෝක්කු කට වගේ කකුල් ඇරන් ඉන්නෙ නෑ හලෝ !!...... තමුසෙ බැටින්ද ෆීල්ඩින්ද....."

කාශ්‍යප අයියා බනින ඒවට අරුන් ටික හිනාව කාගෙන ප්‍රැක්ටිස් කරනවා... ඕකා ඉතින් හිනා වුණත් අර පොඩි උන්ට බනිනවනෙ.....
බැහැයි කාශ්‍යප අයියා සැරයි කියලා දන්න නිසා කොල්ලො ටික බයටම හරියට ප්‍රැක්ටිස් කරනවා....
බැටින් ඩිල් වලින් අපේ එකටම හදන්නෙ ශොට් එකකදි ඇඟේ බැලන්ස් එක....බැලන්ස් අවුල් ගියොත් ටයිමින් අවුල් යනවා...ටයිමින් අවුට් වුණොත්
ගහන ශොට් හරියට වදින්නෙ නෑ....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now