විසිහත්වන දිගහැරුම 🔅

Start from the beginning
                                    

හැම වචනෙකම ආදරේ කියන එක හිතට වදින්න කියනකොට මට දැනුනෙ හිත කීරි ගැහෙන සතුටක් .ඒවා සතුටු කදුලු විදියට ඇස් වලට පිරෙනකොට එයාගෙ  වචනයක් ගානෙ මගෙ අත් ඒ රස්නෙ අත් වලට තව තද උනා .

" මන් දන්නවා ස්නේහ . ඔච්චරටම කතා කරන්න එපා එතකොට මන් මොනාද උබට කියන්නේ !? ම්ම් . දැන් එකපාර මෙච්චර කතා කරන්නේ ගෙස්ට් රූම් එකට යන්න හැදුව නිසාද !? "

' තාත්තා කොහොමත් වැඩිය නොහිතා කතා කරන්නේ . තේජාන්ල ඩිලාන්ල කොච්චර මෙහේ ආවා ගියත් රැයක් නතර වෙලා ඉදල නෑ .එහෙම උවමනාවක් උනේ නෑ . උනුත් මහා දුරක නෙවෙයිනෙ ඉන්නේ . ඒ නිසා තාත්තා එහෙම අහන්නැත්තේ .මේ  උබ ඇදේ නිදාගනින් එහෙනම්  . මන් - '

" ගෙදර එක්කන් ඇවිල්ල මාව තනියෙන් තියන්නද හදන්නේ උබ   ? "

මන් එහෙම දෙයක් කියයි කියල එයා බලාපොරොත්තු නොවුන නිසාද මන්දා ස්නේහගෙ ඇස් පුදුමෙන් ලොකු වෙලා කට පුරා හිනා උනා උනේ ලෝබ හිතෙන විදියට .

" කෝ කියන්න ඉතින් ? තනියෙන් තියන්නද කල්පනව ? "

අපි අතර තිබ්බ පොඩි පරතරේ එහෙන්මම තීද්දි ස්නේහ ටිකක් පහත් වෙලා එයාගෙ නලල මගෙ නලලට හේත්තු කරගන්න කොට නොදැනිම මගෙ ඇස් දෙක පියඋනා.
මේ දේවල් තාමත් ලස්සන හීනයක්ද කියල මට දැනෙන්නෙ බයක් ! මොකද මන් ඉන්නේ ඒ තරම් සතුටින් .අවිනිශ්චිත අනාගතයක් එක්ක ගෙවන වර්තමානෙ ගැන සතුටුවෙන්න මට තීන එකෙම හේතුව ස්නේහ !
ඉතින් හුස්මකටත් අඩු දුරකින් එයා මෙහෙම ලගින්ම ඉන්නකොට එතනින් එහා තීන ප්‍රශ්න ගැන වෙන කිසිම දෙයක් ගැන නොහිතා ඉන්න තරම් එයා මේ ගෙවුන කාලෙට මේ ගෙවුන පැය ගානට පුදුම තරම් ලස්සන හේතු ගොඩක් හැදුවා .

ස්නේහ හිතේ තියන් ඉන්න ප්‍රශ්න මොනවද ඒවට හේතු මොනාද බාප්පා ගැන එයා දන්නේ මොනවද කියන කිසිම දෙයක් මට එයාගෙන් අහන්න ඕන උනේ නෑ .
එයාට හේතුවක් ඇති කියන තැන මන් නතර වෙලා කාලෙට ඉඩදෙන්න මන් තීරණය කරා .

" ස්නේහ හෙට කොහොමත් යන්නේ නෑනෙ ස්කූල් අනිද්දට මොකද කරන්නේ ! "

' ම්ම් උදෙන්ම එහේ යන් . සෙනායට එහේ නොඑන්න කල්පනාවෙන් ඉන්න වෙනෝ . '

Enchanted to meet you   | nonfic | COMPLETED ✔ Where stories live. Discover now