♡ COLOUR RUSH ♡
_________________________මෙම කතාවේ සියළුම අයිතීන් මා සතුවේ . මෙය මාගේ ස්ව නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න.මෙහි ඇති සමහර ගම් , නගර , ස්ථාන මන:කල්පිතව නිර්මාණය වෙනුවෙන් යොදාගෙන ඇත . මෙහි සිටින සියලුම පුද්ගලයින් මාගේම මන : කල්පිතයකට අනුව නිර්මාණය කර ඇති බව පාඨක ඔබවෙත ආදරයෙන් මතක් කර සිටිමි !!
( උපුටා ගැනීම හෝ කොටස් ලෙස උපුටා පලකිරීම සපුරා තහනම් .)
AUTHOR : AnSh_ThilaNyA
****************************************
" .... මගේ උපන්දිනේ දවසේ අම්මයි මල්ලියි හිටියට ඔයා නැතුව මට ගොඩක් පාලුයි අප්පච්චි..."
දොහොත් මුදුනේ තියන් පන්සිල් ගන්න අතරෙත් රදිනිගේ මතකෙට ආවේ අප්පච්චිව . " අද අපිත් එක්ක ඔයා හිටියා නම් " කියලා හිතද්දී පවා කෙල්ලට හීල්ලවුනා .
"..... ආයිත් අපි අතරෙම ඉපදෙන්න මගේ අප්පච්චි....."
රදිනි ඇහෙන නෑහෙන ගාණට චෛත්‍ය දිහා බලන් මුමුණද්දී වදන් රදිනිගේ පිටුපසින් හිටගෙන ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම හිතින් හිතුවා ඒ මොහොතේදී .
" ... මං පව්කාරයෙක් මගේ අප්පච්චි මට සමාවෙන්න... මගේ අප්පච්චිව මරාගෙන ආපු මං කාලකන්නියෙක් මං එදා මැරිලා මගේ අප්පච්චි ජීවත්වුනා නම් මට සැනසීමක් අප්පච්චි . මට සමාවෙන්න මගේ අප්පච්චි මට සමාවෙන්න ..."
මොහොතකින් ඒ දෑස් තෙත්වෙලා යද්දී කාටත් හොරෙන් වදන් ඒ ඇස් පිහිදගත්තේ අම්මා දැක්කොත් දුක්වෙයි කියලා . ආයිත් දෑතම එක්කරන් වැදගෙනම චෛත්‍යය දිහා බලාගෙන මොහොතක් වදන් එතනටම වෙලා හිටියා .
තත්පර විනාඩි වෙලා වෙලාව ගතවෙලා යද්දී වදන්ගේ හිත හිමින් හිමින් සංසුන් වෙන්න ගත්තා . වෙන කිසිම සද්දයක් නැතුව වදන්ට ඇහුනේ බෝ ගහේ කොල සෙලවෙන සද්දේ විතරයි . කොල්ලගේ හිතට ලොකු නිදහසක් හැමදාම වගේ චෛත්‍ය මළුවෙදි ඉස්සර වගේම දැනෙන්න ගත්තා .
ඈතින් ඇහෙන පොඩි හාමුදුරුවන්ගේ බණ පදයක සියුම් තාලානුරූපී රසය වදන් හිතේ නිදහසේ හරි සැනසීමෙන් අහන් හිටියා .

YOU ARE READING
COLOUR RUSH ( BL - YIZHAN )
FanfictionBL / Serial killer Story අනුක්‍රමික දාම ඝාතකයෙකුගේ සාහසික ඝාතන රැල්ලක් .. අභිරහසකට මැදිව අවමානයට ලක්වන තරුණ නායකත්වයක් .. හොර රහසේ ගලායන සමරිසි ප්‍රේමයක් .. අවසානය කිසිවෙකුත් නොහිතන උභතෝකෝටිකයක් ...