♡ COLOUR RUSH ♡
_________________________මෙම කතාවේ සියළුම අයිතීන් මා සතුවේ . මෙය මාගේ ස්ව නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න.මෙහි ඇති සමහර ගම් , නගර , ස්ථාන මන:කල්පිතව නිර්මාණය වෙනුවෙන් යොදාගෙන ඇත . මෙහි සිටින සියලුම පුද්ගලයින් මාගේම මන : කල්පිතයකට අනුව නිර්මාණය කර ඇති බව පාඨක ඔබවෙත ආදරයෙන් මතක් කර සිටිමි !!
( උපුටා ගැනීම හෝ කොටස් ලෙස උපුටා පලකිරීම සපුරා තහනම් .)
AUTHOR : AnSh_ThilaNyA
_____________________________________
වෙලාව උදෑසන 7 පසුවී විනාඩි 40 ක් ගතවී ඇත ..
මනුසත්පුර පොලිස් ස්ථානයට ලැබුනු දුරකථන ඇමතුමක් සමග අපරාධ අංශයේ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් යුහුසුලුව සූදානම්ව පොලිස් රථයකට ගොඩවී පොලිස් ස්ථානයෙන් පිටවී යන්නේ හදිස්සියෙම දැනගන්නට ලැබෙන මනුශ්‍ය ඝාතනයක් හේතුවෙනි .
පොලිස් පරීක්ෂක රිද්ම ගුණවර්ධන යටතේ අපරාධ විමර්ශන කටයුතු කරන නිළදාරීන් පස්දෙනෙක් ගෙන් යුත් කණ්ඩායම මේ ගමන් කරන්නේ මනුසත්පුර ගම්මානයට කිලෝමීටර් දෙකක් එහායින් පිහිටි ඉලුක්ගමුව ග්‍රාමයටයි .
විනාඩි විස්සක් වගේ යද්දී ටීම් එක ඉලුක්ගමුව ගමට ඇතුල්වෙනවා . ස්ටේශන් එකට තොරතුර දුන්න සෝමරත්න කියන පුද්ගලයව මුණගැහෙන්න ගමේ කඩමන්ඩිය දිහාවට ජීප් එක වේගයෙන් ඇදෙනවා .
" ... චලක ... මැසේජ් එකේ විදිහට මේ හරියේ වෙන්න ඕනේ . වාහනේ නවත්තන්න ..."
" ... ඕකේ සර් ..."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. * IP Officer රිද්ම ගුණවර්ධන
( පොලිස් පරීක්ෂක )IP රිද්මගේ අණට අවනතව රියදුරු කුමාර වාහනය කඩමන්ඩිය ආසන්නයෙන්ම නවත්තනවා .

YOU ARE READING
COLOUR RUSH ( BL - YIZHAN )
FanfictionBL / Serial killer Story අනුක්‍රමික දාම ඝාතකයෙකුගේ සාහසික ඝාතන රැල්ලක් .. අභිරහසකට මැදිව අවමානයට ලක්වන තරුණ නායකත්වයක් .. හොර රහසේ ගලායන සමරිසි ප්‍රේමයක් .. අවසානය කිසිවෙකුත් නොහිතන උභතෝකෝටිකයක් ...