COLOUR RUSH
___________________________"... ෆීල් උඹට ඇහුනද ශකියා කියනවා අලුත් රිදමෙක් එනවා කියලා බෑන්ඩ් එකට ..."
කටුගස්තොට ශෝ එක ඉවරවෙලා බඩු පැක් කර කර ඉන්නගමන් ටිරා කිව්වේ බෑන්ඩ් එකේ ඉන්න නසරානිම නහයට අහන්නේ නැති එකාව ටිකක් අවුස්සන්න හිතන් .
ලයිට් බොක්ස් එක උඩට වෙලා කකුලක් බිමටත් අනිත් කකුල මික්සර් බොක්ස් එකටත් තියන් ඩ්‍රම් සෙට් එක පැක් කරන ෆීල් ට නෙවෙයි ඕවා ඇහෙන්නේ කනකට නෑහුනු ගානට ඌ උගේ වැඩ .
ටිරාට ඕනේ උනේ ෆීල්ව ටිකක් අවුස්සලා ගන්න . ඒත් මේ වගේ ජෝක් වලට ෆීල්ව අවුස්සන්න බෑ කියලා දන්න මිහේන් ටිරාට ඇහෙන් පෙන්නුවේ බිම වැටිලා තියෙන ෆීල්ගේ ඩ්‍රම් ස්ටික් දෙක .
මිහේන් පෙන්නුවට ටිරා ඒකටනම් පස්ස ගැහුවේ ඕක අල්ලලා ෆීල්ගෙන් අම්මා මුත්තා නැතිවෙන්න අහගන්න වෙනවා කියලා දන්න නිසා . එහෙම්ම වැඩේ අතෑරලා ටිරා නිකන් හිටියා .
".... ආවට ගියාට බොරු වැඩ වලට ඔලුව දාන්න ටයිම් මං ලග නෑ උබ දන්නවනේ ඒක .. මං යනවා උබලා පාටියට පලයල්ලා ..මං කැපුනා ..."
හෙට වීක් එන්ඩ් එකක් හින්දා ප්‍රැක්ටිස් ඉවරවෙලා පාර්ටියක් දාමුද කියලා බෑන්ඩ් ලීඩර් ශකියා අහපු ප්‍රශ්නෙට ෆීල්ගෙන් හම්බවුනු කන පැලෙන උත්තරේ තමයි ඒ .
" ... මූ නම් මොකෙද්ද මංදා බං බලහන්කෝ ශකියට කතා කරපු විදිහ .. උගේ අප්පගේ බූදලේ කියලා හිතුවද දන්නෑ " LAZH4 " එකත් ...."
" .... Lazh4 නෙවෙයි බං ෆ්ලෑශ් බෑක් ආවත් ඕකා ඔහොම්ම තමයි . ඌ මහ අමුතු සතෙක් බං ..."
ශෝ එක ඉවරවෙලා පැයක් යද්දී ෆීල් මිසින් . ෆීල් ඉන්නේ කොහෙද කරන්නේ මොනාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ . ලේසියකට ෆීල් එක්ක ෆිට් වෙන එකනම් හිතන්න ලේසි කරන්න අමාරු වැඩක් . බෑන්ඩ් එකට ඇවිත් අවුරුදු හතරක් වෙලත් ෆීල් අදටත් හරියකට කතා කරේ ශකියා එක්ක විතරයි .අනිත් උන් එක්ක උගේ තරහක් නෑ .ඒත් ඌට මිනිස්සුන්ව දිරවන්නේ නැති ලෙඩක් තිබුනා . හිනාවක් කියලා නාමයක් නැති ලංකාවේ එකම ඩ්‍රාමා මූ වෙන්න ඇති .

YOU ARE READING
COLOUR RUSH ( BL - YIZHAN )
FanfictionBL / Serial killer Story අනුක්‍රමික දාම ඝාතකයෙකුගේ සාහසික ඝාතන රැල්ලක් .. අභිරහසකට මැදිව අවමානයට ලක්වන තරුණ නායකත්වයක් .. හොර රහසේ ගලායන සමරිසි ප්‍රේමයක් .. අවසානය කිසිවෙකුත් නොහිතන උභතෝකෝටිකයක් ...