ඊට පස්සේ මම නොඉවසිල්ලෙන් වගේ එයාගෙ ශර්ට් එකේ බොත්තම් ගලවන කොට යිබෝ මාව නැවැත්තුවා.

" wash එකක් දාගෙන ඉමු zhan ge.. මම දවසෙම කැලේ ඇවිදලා ආපු ගමන්"

" පස්සේ wash එකක් දාමු බොබෝ.."

" බෑ මට දාඩිය දාලා තියෙන්නෙ.."

" කමක් නෑ . ඔයා ලග සුවදයි. තාම මේ තියෙන්නෙ chanel bleu සුවද."
මම කිව්වෙ එයාගෙ බෙල්ල ඉව කරමින්.

" මම උදේ 5.30ට මේ ඇදුම් ඇදගත්තෙ. ඔයාව කාලෙකින් හම්බ වුන දවසට මෙහෙම කරන්න බෑ.."

" ම්ම් .. හරි හරි.."
මම pouty look එකක් එක්ක නැගිටලා යිබෝටත් නැගිටින්න උදව් කලා.

" එන්න zhan ge .අපි දෙන්නම ගිහින් wash එකක් දාගමු.."

මම එක පාරටම එයත් එක්ක යන්නෙ නැතුව පොඩ්ඩක් අදිමදි කලා.
Stress එක නිසා මේතරම් පැය ගානක් දැනුනේ නැති බඩගින්න මාර බඩේ දැවිල්ලකුත් එක්ක දැන් තමයි දැනෙන්න පටන් ගත්තේ.
මම lunch එක වත් අරගෙන හිටියෙ නෑනෙ. 4.30 ට ශූටින් ඉවර වුනාම කනවා කියලනෙ හිතාගෙන හිටියේ . ඒත් සිහියක් නැතුව දුවලා ආවනෙ.

" zhan ge ඇයි?? "
මගේ වෙනස දැකලද කොහෙද එයා concern පෙනුමක් එක්ක ඇහුවා.

" අපි මොනව හරි කාලා ඉමු බොබෝ . මාර බඩගිනියි. '

( yibo - wild aid documentary shooting)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( yibo - wild aid documentary shooting)

...................💚❤️..............

වර්තමානය.
රයන්

Zhan තනියම ගියාට පස්සේ අපි ඔක්කොම හිතේ කරදරයෙන් හිටියේ. මම එයා එක්ක යන්න හැදුවට zhan ට තනියම යන්න ඕනා කිව්වනෙ.
බොස් දවල්ට කාලා හිටියෙවත් නෑ..Xin yi දුක් වෙනවා.

මේ rumor එක ගැන මොකක්ද කරන්නෙ කියලා zhan තවම කිව්වෙත් නෑ කියලා මැනේජර් wu chang කියනවා. Refute කරන්නද,? නිශ්ශබ්දව ඉන්නද?? මැනේජර් නිසා එයාට එන කෝල්ස් වල නිමක් නෑ ඒ ගැන අහලා.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now