-Part 5-

262 30 7
                                    

මට උවමනා උනත් මගේ ඒන්ජල්ව මගේ ලගින් තියාගන්න.. මම හොදාකාරවම දන්නවා ඒකෙන් එයාගෙ ජීවිතේට අනතුරක් වෙනවා කියලා.

අදට මම මගේ ඒන්ජල්ව මගේ රූම් එකේ මාස තුනක් යනකම් හංගගෙන ඉන්නවා. ඒත් අද තව ටිකෙන් මගේ රූම් එක සුද්ද කරන්න ආව සෙබලාට ඒන්ජල්ව අහුවෙනවා.

මට බෑ තව දුරටත් මගේ ඒන්ජල්ගේ ජීවිතය අනතුරේ දාන්න!

" හෝසොක්.. පුලුවන් තරම් ඉක්මනට රුසියාව බලා පිටත් වෙන මගී නෞකාවක් තියෙනවාද කියලා පරික්ශා කරලා බලන්න.."

මම පහුවදා උදේම හෝසියොක්ට අණ දුන්නා. ඒ වෙලාවෙ මගේ ඒන්ජල් පවා කැබින් එකේ සෝෆා එකේ ඉදගෙන මගේ උදේ කිරි එක බොනගමන් හිටියේ.

අනේ මගේ හුරතලේ.. තොල උඩ කිරි රැව්ලක් ඇදගෙන බෙල්ලත් ඇදකරගෙන මගේ දිහා හරිම අහින්සක විදිජට බලාගෙන ඉන්නවා. මගේ මග් එක ඒ එක අතකින් අල්ලන්න බැරි තරම් ඒ අත් පොඩීයි! එයා අත් දෙකෙන්ම මගේ සුදුපාට මග් එක අල්ලගෙන හිටියා. එයා සෝෆා එකේ ඉදගෙන හිටියත් එයාගෙ කකුල් පොලොවේ වැදුනේ නෑ. ඒකෙන් තේරුම් ගන්න පුලුවන් නේද මගේ ඒන්ජල් කොච්චර පොඩීයිද කියලා?!

හෝසොක් මට ආචාර කරලා මගේ කැබින් එකෙන් එලියට ගියාම මගේ පුටුවෙන් නැගිට්ට මම ගිහින් ඒන්ජල්ට එහාපැත්තෙන් සෝෆා එකෙන් ඉදගත්තා.

" හියුන්ගි මාව කොහෙට හරි යවන්නද හදන්නෙ?"

ඒන්ජල්ගේ අතේ තිබ්බ මග් එක අරගෙන ඒක ඉස්සරහා තිබ්බ ස්ටූල් එක උඩින් තිබ්බ මම ඒන්ජල්ගේ තොල් උඩ රැදිලා තිබ්බ කිරි රැව්ල මගේ මහපට ඇගිල්ලෙන් මකලා දැම්මේ එයා දිහා ආදරේ පිරුණු ඇස් වලින් බලාගෙන.

" ඔව් මගෙ රත්තරනේ.. "

මම අහිතකින් උනත් කියලා දැම්මා.

අනේ මම ඒක කියපු ගමන් මගේ ඒන්ජල්ගේ මූන දුකෙන් බරවෙලා ඒ ඇස් වලට ඉක්මනට කදුලු පිරුණා!

" අඩන්න එපා ඒන්ජල්.. මම මේ ලෝකෙ ඔයාගේ කදුලු වලට හැර තදින්ම වෛර කරන වෙන දෙයක් නෑ.."

ඒන්ජල්ගේ කම්මුලක් තෙමාගෙන පහලට කඩාවැටුන කදුලු බින්දුවක් පිහිදුව මම ඒ නලල උඩින් ආදරණීය හාදුවක් තිබ්බේ එහෙම කියන ගමන්.

𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎Where stories live. Discover now