-Part 4-

179 29 4
                                    

" හැමදාටම මගේ වෙනවද ඒන්ජල්..? මම ඔයාට ආදරෙයි.. "

මගේ කටහඩ සාමාන්‍ය ගානට වඩා තවත් ටිකක් ගැඹුරු කරපු මම ඒ කන ගාව ඒ වචන මිමිනුවේ ශර්ට් එක උඩින්ම එයාගෙ ඉන අතගාන ගමන්.

" අ.. අනේ ස්.. සර්.. ඒ.. ඒත්.. "

මම කියපු දේත් එක්ක මූනත් ලැජ්ජාවෙන් රත කරගත්තු මගේ පොඩි ඒන්ජල් මගේ අත් වලින් ගැලවිලා මග ඔඩොක්කුවෙන්
නැගිටින්න ලොකු උත්සහයක් දරනවා.

" ශ්ශ්ශ්.. දගලන්න එපා මගේ පොඩි ඒන්ජල්.. ඔයා මාව අවුස්සනවා.."

ඇස් පියාගෙන ඒන්ජල්ගේ උරහිසෙන් නිකට තියාගත්තු මම ඒන්කල්ව තව ටිකක් මම මගේ ඇගට තදකරගත්තා.

" ඔයා කැමති උනත් නැතත්.. දැන් ඔයා මේ ටේහ්‍යුන් කිම්ගේ විතරයි පුංචි ඒන්ජල්.. "

මම ආපහු හිනා වෙලා ඇස් ඇරලා ඒන්ජල්ගේ උරහිසෙන් ඈත් උනා.

" මොනාහරි කියන්න දෙයක් තියෙනවද ම්ම්? නැත්තම් අහන්න දෙයක්? "

මගේ දිහාවට හැරිලා තියෙන ඒ බෝල ඇස් වල ප්‍රශ්න ගොඩක් සටහන් වෙලා තියෙනවා දැක්ක මම ලාවට හිනාවෙලා ඇහුවා.

ඒත් පේන හැටියට එයා මට තාමත් බයවෙලා වගේ.

" ඔයා මට බයවෙන්න ඕනෙ නෑ ඒන්ජල්.. මම ඔයාට මුකුත් කරන්නෙ නෑ වගේම කිසි කෙනෙක්ට මුකුත් කරන්න දෙන්නෙත් නෑ.."

ඒ හීනි ඉනේ රැදිලා තිබ්බ මගේ එක අතක් අරගත්තු මම ඒන්ජල්ගේ මූනට වැටිලා තිබ්බ කෙස් රොදක් ඒ කන පිටිපස්සෙන් රැදෙව්වා.

" ස්.. සර්.. ම්..මං ර්..රුසියන් ජ්.. ජාතිකයෙක්.."

ඒන්ජල් බයෙන් බයෙන් බිම බලාගෙන එහෙම කිව්වෙ මම ආපහු ඒන්ජල්ගේ උරහිසෙන් නිකට තියාගන්නකොට.

" ඉතින්? "

මම ඇහුවා.

" ඉ.. ඉතින් ස්.. සර් ජර්මන් ජාතිකයෙක් නෙ.."

ඒන්ජල් කිව්වා.

" ඉතින්? "

මම ආපහු ඇහුවා.

" දැන් ඔයා කැමති නැද්ද ජර්මන් ජාතිකයෙක්ට ආදරය කරන්න ම්ම්..? "

මම ටිකක් තදින් ඇහුවා.

" අ- අනේ නෑ.. ඒ.. ඒත් එයාලට අහු උනොත් ම්.. මාව මරලා ජ්.. ජාතියට එරෙහි උනා ක්.. කියලා ස්.. සර්ටත් ද්.. දඩුවම් කරයි.. "

𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎Where stories live. Discover now