දංවැලේ කෙරවලෙන් අල්ලගත්තු මම මගේ ඒන්ජල්වයි අනිත් රුසියානු කොල්ලවයි එක්කන් ගියේ මගේ කැබින් එකේ පැත්තට.
ඉර ටිකෙන් ටික මුදුන් වේගෙන එනවා. තාර දාපු පාරෙ මම බූට්ස් දාගෙන පහසුවෙන් ඇවිද්දට මගේ ඒන්ජල්ගේ සියුමැලි පාවහන් නොදාපු කකුල් පිච්චෙනවා ඇති.
මට කරන්න දෙයක් නැතිකමටම,
" ඉක්මන් කරනවා.. තමුසෙලා කැඳ බීලද?? "
කියලා හයියෙන් කෑගැහුවා. සමාවෙන්න රත්තරනේ.. ඔය සියුමැලි කකුල් පිච්චෙන දිහා මට බලාගෙන ඉන්න බෑ. මට ඕනෙ ඔයාව ඉක්මනට ඇතුලට එක්කගෙන යන්න.
මම කෑගහපු පාර මගේ ඒන්ගලුයි අනිත් කොල්ලයි බයෙන් ගැස්සිලා එයාලගේ වේගෙ වැඩි කලත් වටේ පිටේ ඉන්න අනොත් ජර්මානුවන්ට නම් ඒක හරිම විනෝදකාමී දසුනක් උනා!
" මිනිස්සුන්ට තවත් මිනිස්සු කොට්ඨාශයක් මෙහෙම කරන්නෙ කොහොමද? "
හිත හිතම මගේ කැබින් එක ඉස්සරහට ආව මම මගේ ඒන්ජල්ගේ දංවැල් ලෙහලා දාලා එයාව ඇතුලට දාලා කැබින් එක එලියෙන් ලොක් කලා.
අනිත් සිරකරුවව එතනින් ගිය සෙබලෙක්ට දීලා හෝසොක්ට ගිහින් දෙන්න කිව්ව මම ගියේ මගේ ඒන්ජල් වෙනුවෙන් තියාගත්තු මගේ උදේ කෑම එක මගේ කාමරෙන් අරගෙන එන්න.
කෑම එක ඉක්මනටම අරගෙන කැබින් එකට ගිය මම කැබින් එකේ ලොක් එක ඇරලා ඇතුලට ගිහින් ආපහු දොර ඇතුලතින් ලොක් කලා.
මම ඇතුලට යනකොට කැබින් එකේ කවුරුත් පේන්න හිටියේ නෑ. ඒ කියන්නේ මගේ ඒන්ජල් කොහේ හරි හැංගිලා.
" ඒන්ජල්.. එන්න එලියට. මම ඔයාට කරදරයක් කරන්නෙ නෑ.."
කෑම එක මගේ මේසෙ උඩින් තිබ්බ මම මගේ පුටුවට ගිහින් ඉදගෙන එහෙම කිව්වා. එක ජනේලයක්වත් නැති මගේ කැබින් එකේ වෙන දේවල් කාටවත්ම පේන්නෙ නෑ වගේම ඇහෙන්නෙත් නෑ කියලා මට හොදටම විශ්වාසයි!
මම කතා කරලා ටික වෙලාවකින් බිත්තියේ කොනටත් පොත් රාක්කෙකටත් මැදිවෙලා හැංගිලා බිම ඉදගෙන හිටිය මගේ ඒන්ජල් හිමින් හිමින් නැගිටලා මගේ ඉස්සරහට ආවා.

YOU ARE READING
𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎
Short Story" මම ඔයාට පොරොන්දු වෙනවා මගේ පුංචි ඒන්ජල්.. මම අපේ අවසානය සතුටුදායක කරනවාමයි! " මතකයි තවමත් අද වගේ තුරුල් කරන් මේ පපුවට ඔබව මම කිව්වා මගේම හිත හදාන්.. ඒත් මට සමාවෙයන් ඒන්ජල්.. උබේ ජීවිතය බේරගන්න බැරි උන මං උබේ පස්සෙන්ම එනවා ඊලග ආත්මයේදිත් උබවම පතාං...