-Part 2-

225 30 0
                                    

" අද මම කදවුරට ගිය වෙලාවෙ ලස්සන ඒන්ජල් කෙනෙක්ව දැක්කා. ඔව් මම පිලිගන්නවා එයා රුසියන් ජාතිකයෙක් කියලා. ඒත් ඒ ලස්සන මූන.. හැඩ ඉන.. පොඩි අතපය එක්ක දිලිසෙන හම මාව පිස්සු වැට්ටුවා. කොහොම හරි එයා ගැන විස්තර මට දැනගන්න ඕනෙ. මගේ පුංචි ඒන්ජල්.. "

එදා රෑ ආපහු මං ඉන්න කෑම්ප් එකට ආව මම මගේ රූම් එකට ගිහින් ඒ විදිහට මගේ දිනපොතේ මට හිතුන දේවල් අකුරු කලා. ඔව්.. මට පුරුද්දක් තිබ්බා මට දැනෙන හැමදේම දිනපොතේ අකුරු කරන්න. මොකද මම වැඩිය කාත් එක්කවත් කතාකරන්නෙ නැති නපුරු කෝල්ඩ් රූඩ් චරිතයක්. ඒත් මටත් මගේ හිතේ තියෙන දේවල් කාටහරි කියලා නිදහස් කරගන්න එපැයි.

ඒකට මට මගක් හම්බුනා. මගේ විශ්වාසවන්තම ඩයරි එක! ඒ හැර මට හිටියෙත් එකම එක යාලුවයි. ඒ මගේ දෙවනියා හෝසොක්.

"හෙට හෝසොක්ට කියලා ඒන්ජල් ගැන තොරතුරු හොයාගන්න ඕනෙ"

මටම එහෙම කියාගත්තු මම ඇද උඩට වැටිලා ඒන්ජල් ගැන හීන මවමින් නින්දට වැටුනා.

.................................................................

පසුවදා උදෑසන.

" ඔයා කියන්නෙ මට ඒ රුසියන් හිරකාරයා ගැන තොරතුරු හොයන්න කියලද ටේ? "

හෝසොක් ඇහුවේ ඇහිබැමත් එකට කරගෙන.

උදේ පාන්දරම හෝසොක්ව මගේ කැබින් එකට ගෙන්නගත්තු මං හෝසොක්ට කියලා කරවගන්න අවශ්‍ය වෙලා තිබ්බ දේ එයාට කිව්වා.

" ඔව්.. "

මම තද හඩකින් මගේ මේසේ දිගෑරලා තිබ්බ ගුවන්‍යානාවක සැලසුම් ආකෘතිය දිහා බලාගෙන කිව්වා.

දිග හුස්මක් හෙලපු හෝසොක්,

" හොදයි එහෙනම්.. මට පැය දෙකක් දෙන්න.."

එහෙම කියලා මට ආචාර කරගෙන මගේ කැබින් එකෙන් එලියට ගියා. මම දන්නවා හෝසොක් ඔය වගේ ඔත්තු බලන වැඩ වලට තොරතුරු හොයන වැඩ වලට උපන් හපනා.

මගේ ඒන්ජල්ගේ තොරතුරු අද මට දැනගන්න පුලුවන් වෙන නිසා මම තවත් පැය දෙකක් ගෙවාදැම්මෙ හරිම නොසන්සුන් විදිහට.

මම මගේ අතේ තිබුනු පොඩි සාක්කු ඔරලෝසුව දිහා බලාගෙන තප්පරෙන් තප්පරේ ගනන් කරමින් හිටියා. මොකද මම හෝසොක්ට දුන්නු පැය දෙකක වෙලාව ඉවර වෙන්න තව විනාඩි දෙකයි තිබ්බෙ.

𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎Where stories live. Discover now