-Part 1-

564 30 0
                                    

" මිස්ට කිම්.. මෙතන සයින් එකක් දාලා පෙට්ටිය භාරගන්න පුලුවන්.. "

කුරියර් සවිස් එකේ තරුණයා කිම් කියලා හදුන්වපු කෙනා අතට ෆයිල් එකක් දීලා ඒකෙ ඇතුලේ තිබ්බ කොලයක හිස්තැනක් පෙන්නුවේ එතනින් අත්සන් කරලා එයාගෙ පිටිපස්සේ තියෙන ලොකු කාගෝ පෙට්ටිය භාරගන්න කියලා.

කුරියර් එකේ තරුණයා එක්ක හිනා උන කිම් කියලා කියන පුද්ගලයා ඒ පෙන්නපු තැන අත්සන් කරලා කුරියර් එකේ අයට ලොකු බඩු පෙට්ටිය එයාලගේ ගෙදර ගරාජ් එකෙන් තියන්න කියලා කිව්වා.

ලොකු පෙට්ටිය ගරාජ් එකෙන් තියලා කුරියර් එකේ අය ගියාට පස්සෙ කිම් කියන කෙනා යකඩ ආයුධයක් අරගෙන ලෑස්ති උනේ කුරියර් පෙට්ටියේ උඩ ලොකු ලී පියනගලවලා දාන්න.

පියනයි පෙට්ටියයි අතරින් ආයුධය දාලා එකපාරක් පහලට තල්ලුකරපු කිම් නැවතුනේ පිටිපස්සෙන් ඇහුන කටහඩවල් දෙක නිසා.

" අප්පා.."

" අප්පාආඅ.."

පොඩි කොල්ලෙජුයි කෙල්ලෙකුයි ගරාජ් එක ඇතුලට කෑගහගෙන දුවගෙන එද්දි ඒ දිහා බලපු කිම් ලස්සනට හිනා උනා.

" ගුඩ් මෝනිම් මගේ පැටව්නේ.. ඔයාලා දැන්ද නැගිට්ටෙ? "

පෙට්ටිය අරින එක ටිකකට නැවැත්තුව කිම් එතනම දණගහගෙන එයාගේ අත් දෙක දෙපැත්තව දික් ඇරියේ ලමයි දෙන්නා දුවගෙන ඇවිත් එයාලගෙ අප්පාට තුරුල් වෙද්දි.

" නෑ අප්පා අපි නැගිටලා දැන් ටිකක් වෙලා.. "

අවුරුදු 7ක පොඩි කෙල්ල කිම් එක්ක එයාගෙ උඩ ඇන්දේ වැටිච්ච දත නිසා තිබුන හිස්තැන පෙන්නලා හිනා වෙලා කිව්වා.

" ඔම්මා තමා කිව්වෙ අප්පා ලොකු බඩු පෙට්ටියක් අරිනවා ගිහින් බලන්න කියලා.."

ඒත් එක්කම ලොකු බඩු පෙට්ටියට අතක් තිබ්බ අවුරුදු 5 පොඩි කොලුපැටියා එයාගෙ ඔම්මා කිව්ව දේවල් අප්පාට කිව්වා.

" මොනාද අප්පා මේකෙ තියෙන්නෙ? "

පොඩි කෙලි පැටික්කි එහෙම ඇහුවාම ලමයි දෙන්නව අතෑරපු කිම් දණගහගෙන හිටිය තැනින් නැගිට්ටා.

𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎Where stories live. Discover now