හිමන්ෂු කල්පනාවෙම ඇවිත් ආයුෂ්ව බස්සලා කාර් එක සුපුරුදු පාක් කරන තැනම පාක් කරලා කාර් එකෙන් බැස්සා...ඒ වෙද්දීත් අහස රන්වන් පාට වෙමින් වටේම අදුරෙ ගිලෙන්න පටන් අරන් තිබුනෙ...
හැමෝම රෑ එක එක ගමන් දාන් හිටිය හින්දා අද ගෙදර ටිකක් වෙනදට වඩා පාලු වෙලා තිබුනෙ...හිමන්ෂුලා එන්න ටිකකට කලින් රාජනායක යුවලත් ආදේෂුත් පාටිවලට යන්න ගිය බව හිමන්ෂු දැනගත්තෙ ඩේවිඩ් අංකල්ගෙන්...
ආව ගමන් ආයුෂ් ලෑස්ති වෙන්න කියලා කාමරෙට ගිය නිසා හිමන්ෂුත් හිමින් හිමින් පඩිපෙල නැග්ගෙ නාලා ඇවිත් බොන්න හොද උනුම උනු කොෆි එකක් ඩේවිඩ් අංකල්ට හදන්න කියාගෙන...

වෙනදා පැය එකහමාරක් විතර අරන් නාන හිමන්ෂු පැය බාගෙන් නාන් ටවල් එකත් පටලගෙන ඉක්මනට ඩ්‍රසින් රුම් එකට ආවෙ ඒ වෙද්දීත් අදින්න ඕන මොකක්ද කියලා කිසිම අයිඩියා එකක් නැතුව...

"අද මේ ලබ්බෙ කටු ටික යනවා නෙවෙයි දුවනවද කොහෙද..."

හිමන්ෂු වෝල් ක්ලොක් එක දිහ බලලා තමන්ටම මුමුනගනිමින් ඩ්‍රසින් රූම් එක පුරාම ඇස් යැව්වා...

ඇදුම් දෙකතුනකට හිත ගියත් අන්තිමට හිමන්ෂු තෝරගත්තෙ බ්ලැක් ලෝන්ග් ස්ලිව් ෂර්ට් එකයි ඒකටම ගැලපෙන බ්ලැක් ට්‍රවුසර් එකයි...හිමන්ෂු ඉක්මනට ට්‍රවුසර් එකයි ෂර්ට් එකයි දාගෙන ෂර්ට් එකෙ අත නම නමම ඩ්‍රොවර් එකෙ ඇරලා ඒකෙ උඩම තිබුන අම්මි ග්‍රැජුවේෂන් එක දවසෙ දාන්න අරන් දුන්න breitling සිල්වර් වොච් එක දාගෙන ඒකටම ගැලපෙන සිල්වර් රිංග්ස් දෙකයි බ්‍රේස්ලට් එකයි ඉයර් රිංග් එකයිත් දාගෙන මිරර් එක ඉස්සරහට ගියා...

"Perfect look ආදි... "

හිමන්ෂු මිරර් එකෙන් පේන එයාගෙම හැන්සම් ලුක් එකට හිනාවක් දාලා බ්ලැක් ශේඩ්ස් දෙකත් ෂර්ට් එකෙ රදවන් වොලට් එකයි කාර් රිමෝට් එකයි අරන් අතින් කොන්ඩෙ උස්ස උස්ස ඉක්මනට පහලට ආවා..

"මෙන්න පොඩි බේබි..."

හිමන්ෂු වාඩිවෙලා හිටිය ආයුෂ්ගෙ කොන්ඩෙ අවුස්සලා ඇවිත් සෝෆා එකෙ එහා කොනෙන් වාඩි වෙද්දී ඩේවිඩ් ඇවිත් දෙන්නම කොෆියි චොක්ලට් කේක් වගෙකුයි පිලිගැන්වුවා...හිමන්ෂු කොෆි එක අරන් බොද්දි ආයුෂ් කකා හිටියෙ කේක් කෑල්ලෙන් බාගයක් හිමන්ෂුගෙ කටට බලෙන්ම වගෙ දැම්ම..

වැහි කුණාටු | සිංහල BL | හිමන්ෂු × නිෂිත් حيث تعيش القصص. اكتشف الآن