🖤💙-- Soulmate --💙🖤
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඉතින්... එයාට හැමදේම කියනවානම්... අද තමයි ඒ දවස... එයා පිලිගනියිද නැද්ද කියන්න මම දන්නේ නෑ... සමහරවිට... එයා හිතයි මට පිස්සු කියලා... සමහරවිට... එයාට අපේ අතීතේ ගැන පොඩිම හරි දෙයක්වත් මතකයිනම්... එයා මම කියන කතාව විශ්වාස කරයි... එයාගෙන් කොහොම ප්‍රතිචාරයක් ලැබුනා උනත්... එයාට හැමදේම කියනවා කියලා හිතාගත්තු මම... කතාව පටන් ගන්න විදිහක් ගැන කල්පනා කරා...
"මේ... මේ..කයි... මට ඔයා...ට...."
"මේ මිස්ටර්... ඔයා කවුද කියන්න මම දන්නෙ නෑ... ඒත් මට දැන් දවස් කීපයක ඉදන්ම තේරුනා ඔයා මගෙ පස්සෙන් එනවා කියලා... මම ඔයාගෙන් ඒක එහෙමයි නේද කියලා අහන්නේ නෑ... මොකද මන් දන්නවා මට තේරුන දේ හරි කියලා... මට ඔයාගෙන් අහන්න ඕනේ... මේ විදිහට මගෙ පස්සෙන් එන්න හේතුව මොකද්ද කියලා..."
මං එයාට හැමදේම කියන්න ලෑස්ති වෙලා කතා කරන්න හදද්දිම මට කලින් එයා ඉස්සර උනා... එයාට නොපෙනෙන්න එයා දිහා බලන් හිටියා කියලා මම හිතාගෙන හිටියත්... මම එයාගෙ පස්සෙන් ගිය හැම දවසකදිම එයාට ඒක දැනිලා තිබුනා... එයා මාව දැකලා තිබුනා... එයා මගෙන් පස්සෙන් එන්න හේතුව මොකද්ද කියලා අහද්දී... ඒ මූණේ තරහක් තියෙනවදෝ කියලා මට හිතුනා... නෑ සමහරවිට ඒ එයාගේ හැටි වෙන්න ඇති... නැත්තම් ඒ මට හිතෙන විදිහ වෙන්න ඇති... එයා මගෙන් උත්තරයක් ලැබෙනකන් මගෙ දිහාම බලන් ඉන්නවා... ඒත්...මට එයාට කියන්න දෙයක් තිබුනේ නෑ... අපේ අතීතේ ගැන හැමදේම කියන්න ලෑස්ති වුනු මගෙන්... එයා පස්සෙන් එන්න හේතුව අහද්දී... මට එක පාරට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා...
මගෙන් උත්තරයක් ලැබෙනකම් මුකුත් නොකියා මගෙ දිහාම බලාගෙන ඉදපු එයා... මම මුකුත්ම කිව්වේ නැති හින්දද කොහෙද... ආයිත් කතා කරන්න පටන් ගත්තා...

YOU ARE READING
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )
Fanfictionහදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁