First Snow🌨

32 11 120
                                    


කැඩපතෙන් ඇතුළු වුන එයාලට මොකද වුනේ?

එන්න අපි බලමු...

________________________________

කැඩපත හරහා ගමන් කළ ඔවුන් පැමිණියේ වර්තමාන ලෝකයටය. සියලුම කුමාරිකාවන් මේ වන වර්තමාන ලෝකයට පැමිණ ඇතිමුත් Sherry තවමත් පැමිණ නැත. ශීත රාජ්‍යයේ එක තත්පරයක් වර්තමාන ලෝකයේ වසර 10 ක් වන බැවින් කැඩපත හරහා ගමන් කල පිළිවෙලින් ඔවුන් මේ වන විට නවීන ලෝකයට පුරුදු වී තිබුනි. ඒ සදහා එක තත්පරයක වෙනස හුදෙක්ම බලපා තිබුනි.

වර්තමානයේ මේ වන විට උදා වී ඇත්තේ Magni ගේ ශාපය වූ ශීත ඝෘතුවය. නව ලෝකයට එය නව අත්දැකීමක් වූයේ එය ඔවුන් සාමයේ සලකුණක් ප්‍රීතියත් ගෙන දෙන නත්තල වශයෙන් සැලකූ හෙයිනි. මේ අතර සියලුම කුමාරිකාවන් එකතු වී බලා සිටියේ Sherry ගේ පැමිණීමය.

.
.
.
.
.

මේ අතර නාදුනන ගෑණු ළමයෙක් හිම මතට එක්වර පතිත විය

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

මේ අතර නාදුනන ගෑණු ළමයෙක් හිම මතට එක්වර පතිත විය. ඔව්, ඒ ඔබ මම හොදින්ම දන්නා Sherry කුමරියයි. ඇය මෙහෙට පැමිණෙන විට ඇගේ ඇදුම් සියල්ල වර්තමානයට ගැළපෙන අයුරින් සකස් වී තිබුනි. හොදින් ඇස් ඇර වට පිට බැලූ ඇය එක්වරම නැගිට සෙව්වේ ඇය කැඩපත හරහා යන අවස්ථාවේදී ඇගේ දෑත මත සිටි රැජින ව විය යුතුය. නමුත් රැජින එහි කොහෙවත් සිටියේ නැත.
ඒ ඇය කැඩපත හරහා යන අවස්ථාවේදීම මිය ගොස් සිටි නිසාවෙනි. කැඩපත හරහා යමෙකුට සමාන්තර ලෝකයකට පැමිණිය හැක්කේ පණ තිබෙන තාක් පමණි. ඒ නිසා රැජිනයට ඒමට නොහැකි විය.

Sherry : රැජිනියනි! ඔබ කොහෙද? රැජිනියනි!

ඇය හැමතැනම රැජිනයව සොයා ගියාය. නමුත් කිසිම තැනක ඇය නොසිටිය බැවින්ද මේ ලෝකය Sherry හට හුරු පුරුදු නැති බැවින්ද ඇය සිටි තැනටම වී හැඬීමට පටන් ගත්තේ ඉතාමත් බයෙනි. මේ අතර,

First Snow ❄️ ||Christmas Special✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ