💙🖤-- Soulmate --💙🖤
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ලග ඉදපු කෙල්ලත් එක්ක හිනාවෙවී මට පිටුපාලා යන එයාව දකිද්දී මගෙ හිත වේදනාවෙන් කෑ ගහන්න ගත්තා... මටත් ඕන උනා එයා ලගින් ඉන්න... යාලුවෙක් විදිහට හරි... දන්න අඳුරන කෙනෙක් විදිහට හරි... මට ඕන උනේ එයා ලඟින් ඉන්න... එයත් එක්ක වචනයක් කතා කරන්න... මේ තරම් වෙලාවක් ගල් ගැහිලා තිබුන මගෙ කකුල් වලට හිතේ හයිය එකතු වෙද්දී... මම පාරේ වාහන එනවදවත් කියලා නොබලම පාර පැන්නා... එයා ගේට් එකෙන් ඇතුලට ගියා... තව පොඩි වෙලාවකින් එයා ආයිත් මගෙ ඇස් වලින් ඈතට යනවා...
මම දන්නේ නෑ... මම කරපු දේ හරිද කියලා... මම දන්නේ නෑ... එයාට කතා කරාට පස්සේ ඊළඟට මම කියන්න ඕනෙ මොනවද කියලා... ඒත්... ගෙවන තප්පරයක් තප්පරයක් ගානේ... මට ලන් චාන්ව තව තවත් ඕන වෙද්දී... එයා ලඟින් ඉන්න ඕන වෙද්දී... ඊලඟට කරන්න ඕනේ මොනවද කියන එක ගැනවත් නොහිතම මම එයාට ලන් චාන් කියලා කතා කරා... මම යීබෝට එයාගේ කලින් ආත්මේ නමින් කතා කරා...
"ලන් චාන්..."
මං දන්නවා... මගෙ කටේ සද්දේ ටිකක් විතර වැඩි උනා... මගේ වටේට හිටපු තුන් හතර දෙනෙක් වගේම... එයයි... එයා ලඟ ඉදපු කෙල්ලයි දෙන්නමත් හැරිලා මගෙ දිහා බලද්දී... මම කෙලින්ම බලාගෙන හිටියේ එයාගෙ ඇස් දිහා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )
Fanfictionහදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁