🍁 -- 06 -- 🍁

312 42 5
                                    

💙🖤 --Soulmate-- 🖤💙

💙🖤 --Soulmate-- 🖤💙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ශාන් ශාන්... මුකුත් අමාරුවක් නෑ නේද... ආයිත් කැරකිල්ල වගේ නම් කියන්න..."

"ජීඒ... ඔයා දැන් මගෙන් කීපාරක් ඕක ඇහුවද... මට අමාරුවක් නෑ අනේ... කලබල වෙන්න එපා..."

"එක පාරට ඇදගෙන වැටුන විදිහට බය නොවී කොහොමද ළමයෝ... පොඩි හරි අමාරුවක් දැනුනොත් කියන්න හොදද..."

කලින් සිද්ද වුනු දේවල් හීනයක් නෙමෙයි කියලා ලන් යී කිව්වට මොකද... ඇස් අරිනකොට මම හිටියේ ඉස්පිරිතාලෙ ඇදක් උඩ... ජීඒට මගෙ ඇද පාලුම නින්ද ගිහින් තිබුනා... ජීඒ කිව්ව විදිහට නම්... මම පැය විසිහතරකටත් කිට්ටු කාලයක් සිහි නැතුව ඉදලා... මූණට වතුර ඉහලා... අත පය උණුහුම් කරලා කරපු කිසිම දේකින් මට සිහිය ආවෙ නැති හින්දා එයාලා බය වෙලා... ඉතින් මාව ලඟම තියන හොස්පිටල් එකකට එක්කන් ඇවිල්ලා... මට හොදටම විශ්වාසයි... සීත ගුහාවේ මම ලාන් යී එක්ක හිටියේ පැය දෙකක් තුනක් වගේ විතරයි කියලා... ඒත්... මම ඇස් අරිනකොට එක දවසක් ගෙවිලා ගිහින් අනිත් දවසටත් ඉර පායලා තිබුනා... අතිමේදි මම නිසා හැමෝටම උනේ කූඩාරම් ගහන්න ගෙනාපු බෑග් මලු ටිකත් අකුලගෙන ආයිත් ගෙදර එන්න... ඒක කුවාන් ගගාගෙ තීරණයක්... මම කිව්වත් මට ප්‍රශ්නයක් නෑ... දවසක් ඉදලම යමු කියලා... මාවත් කරේ තියාගෙන උදේ නැගපු කන්ද ආයිත් බහින වෙලාවෙදි... මගෙ මූණ සුදුමැලි වෙලා අත පය පන නැතුව ඔහේ කඩාගෙන වැටිලා තියන හැටි දැක්කම කුවාන් ගගා බය වෙලා...

ට්‍රිප් එකක් නොවුන ට්‍රිප් එකක් ඇවිත් ආයිමත් යන බස් එකේ... මම හිටියේ ජනෙල් වීඳුරුවකට ඔලුව ගහගෙන... මට සිහිය ආව වෙලාවෙ ඉදන් යැන්ලි ජීඒ මගෙන් කීපාරක් 'අමාරුවක් දැනෙන්නෙ නෑ නේද' කියලා ඇහුවද කියල මටවත් මතකයක් නෑ... මගේම එක කුස ඉපදුන සහෝදරියක් නොවුනට මොකද... මේ ආත්මෙදිත් යැන්ලි ජිඒ මට අම්මෙකුගේ ආදරේ දුන්නා... හරියටම වෙයි යින්ගේ ශිජිඒ වගේම...

💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )Where stories live. Discover now