01~❄️

53 11 145
                                    

කුරුමිටි රජු වූ Magni ගේ දැවැන්ත ඉලක්කය ශීත රාජධානිය විය. එයට ප්‍රධානතම හේතුව වූයේ Magni නැගී සිටි කාලයේ පැවතුනේ ශීත සෘතුව වීමය. තමන්ගේ කුරුමිටි ප්‍රජාව විකෘති තත්වයට පත් කිරීමෙන් ඔවුන්ට මේ අධික සීතල දරා ගැනීමට බෙහෙවින් අපහසු තත්වයකට පත් වීම නිසා Magni ගේ පළමු සැලැස්ම වූයේ ශීත මාළිගාවේ විනාශයයි.

ශීත මාළිගාව යනු ඉතාමත් මිත්‍රශීලි රාජධානියක් වීම මෙහි ජීවත් වූ මිනිසුන්ගේ ආදරය දිනා ගැනීමට ඉවහල් විය. සියලුම වැසියන් තමන්ට අයිති රාජධානියට පමණක් සීමා නොවී ශීත රාජධානියටද සේවය කලේය. ශීත මාළිගාවේ අනාගතය භාරව කුමරියන් 13 ක් සිටියද රාජකීය කුමරියන් සිටියේ තුන් දෙනෙක් පමණි. රජු සහ රැජින වියපත්ව සිටි හෙයින් මෙම කුමාරිකාවන් මෙහි පාලනය ඉතාමත් දක්ෂ ලෙස ගෙන යාමද වැසියන්ගේ ගෞරවයට හේතු විය.

ශීත සෘතුව සෑදීමේ භාරදූර රාජකාරිය සතු වූවේද මේ කුමරියන්හටය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ශීත සෘතුව සෑදීමේ භාරදූර රාජකාරිය සතු වූවේද මේ කුමරියන්හටය. ඒ අනුව මේ වන විට මාළිගාව සම්පූර්ණයෙන්ම කාර්ය බහුල එකක් විය. එක් එක් කුමරිය හට රජු පැවරූ කාර්යයන් අනුව තම තමන්ගේ කණ්ඩායම් ඒවායේ නිරත වීම ඔවුනට අධීක්ෂණය කිරීමට තිබුණි. කේතුධර වන වැස්ම සෑදීම, තුහින සෑදීම, හිම සෑදීම, පරිසරයේ ශීත තත්වය පාලනය, ශීත කාලයට ඔරොත්තු නොදෙන ශාක මිය යෑමෙන් වළක්වා ගැනීම මෙන්ම ඔරොත්තු දීමට හැකි ශාක හිම වලින් පාට කිරීම වැනි ඉතා සියුම් කාර්යයන් ඒ අතර විය.

එසේම රාජකීය කුමරියන් හට පැවරුනේ අන් කිසිඳු රාජ්‍යයක නොමැති අනාගතයේ කැඩපත ආරක්ෂා කිරීමය. ශීත රාජ්‍යයේ සංකේතයද එය විය. එමෙන්ම Magni ගේද ඇස ගැටුනේ මෙම කැඩපතටය. මන්දයත් මෙම කැඩපතෙන් අනාගතයට යා හැකි වීමය. ශීත රාජධානියට තර්ජනයක් සිදු වූ විට මෙම කැඩපත හරහා ගොස් තම ජීවිතයත් තම රාජධානියත් බේරා ගැනීමට මෙය උරුම වූවත් මෙතෙක් කිසිඳු අයෙක් එම කැඩපත හරහා ගොස් නැත.

First Snow ❄️ ||Christmas Special✔️Where stories live. Discover now