🖤💙 -- Soulmate -- 💙🖤
ලබ් ඩබ්... ලබ් ඩබ්... ලබ් ඩබ්...
මීට සති දෙකකට විතර උඩදී... එයාව දැකපු පළවෙනි වතාවෙදි... හේතුවක් නැතුවම මගෙ පපුව ගැහෙන වේගේ එකසිය ගානට වැඩි උනත්... අද නම් මගෙ පපුව ගැහෙන වේගෙ එන්න එන්නම වැඩි වෙන්න හේතුවක් තිබුනා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඒ හිනාව...
එයා මගෙ දිහාම බලාගෙන හිනා වෙනවා නේද දෙවියනේ... මට දැනුනේ මාව එතනම දිය වෙලා යනවා වගේ... කිරි පාටට පේළියට තියන දත් ටිකත් පෙන්නලා හිනාවෙනකොට... එයාගේ විඳුරුමහත් ඒ අස්සෙන් ලාවට පේනවා... ඉතින් ආයිමත්... මට කතා කරගන්න තියා අඩියක්වත් හොලවගන්න බැරි වෙන තරමට මගෙ පපුව දඩ බඩ ගාලා ගැහෙන්න ගනිද්දී... ඉබේටම මගෙ කටත් ඇරුනද මන්දා... ඒත් එක්කම ඒ ගැන මතක් කරන්න වගේ මගෙ ලඟින් හමාගෙන ගිය හුළඟේ හීතල මගෙ ඇරුනු කට ඇතුලට හොදටම දැනෙද්දී මම ඉක්මනට මගේ කට වහගත්තා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එයා ඉන්නවා... මගෙ ඉස්සරහම... මගෙ ඇස් ඉස්සරහම... මේ තරම් දවසක් ඇස් දෙකට දැකගන්න ආසාවෙන් ඉදපු එයා මගෙ ඉස්සරහම ඉන්නවා... එදා අහම්බෙන් දැකපු මූනෙන් භාගයක් හින්දා එයත් මගෙ හීන වල ඉන්න ලන් චාන් වගේමයි කියලා හිතාගෙන හිටියට මොකද... අද තමයි මම ඒ මූණ හරියටම දැක්කේ... ඉතින් මේ ඉන්නේ එයාම තමයිනේ දෙවියනේ... වෙනසකට තියෙන්නේ...පිට මැද්දට වැටුන දිග කොණ්ඩයක් නැති එකයි... හැඟීමක් නැති තියුණු ඇස් වෙනුවට... මගේ දිහා බලන් හිනාවෙන දඟකාර ඇස් දෙකයි විතරයි...

YOU ARE READING
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )
Fanfictionහදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁