💙🖤 -- Soulmate --💙🖤
"Zhan zhan... දෙවියනේ ඔයා මොන සිහියකින්ද හිටියේ... කොල ටික වැටුනානම් ඒ ටික මිනිස්සුන්ට පෑගෙන්න කලින් ඇහිදගන්න එපැයි... එකක් දෙකක් නම් කමන්නෑ... මේ සේරම සවුත්තු වෙලානේ..."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. සපත්තු අඩි වලින් හැඩ වෙලා තියන කොල ටික එහෙටයි මෙහෙටයි කර කර බලන ගමන් යැන්ලි ජීඑ ඉවරයක් නැතුව කියවනවා... ඒත් මම තාමත් ඉන්නේ ජීඒට උත්තර දෙන්න පුලුවන් තත්වෙක නෙමෙයි...
ලබ් ඩබ්... ලබ් ඩබ්... ලබ් ඩබ්... ලබ් ඩබ්...
හැමදාමත් මම හීනෙන් දකින රූපේ මගෙ ඇස් දෙකටම දැකපු එකත් හරි... එයා මගෙ ඇගේ හැප්පීගෙන සොරි කියන්නෙවත් නැතුව දුවපු එකත් හරි... ඒත්... ඇයි දෙවියනේ මේ තරම් වේගෙන් මගෙ පපුව ගැහෙන්නේ... පපුව ගැහෙන වේගෙ වැඩි කමටම මට හිතුනේ තව තප්පරේකින් මගෙ හාර්ට් එක පපුවෙන් ගැලවිලා එලියට පනියි කියලා.
"ස්..සොරි ජීඒ..."
පපුව ගැහෙන වේගේ වැඩි කමටම මට කතා කරගන්න වචන අමුණගන්නත් බැරිවෙද්දී මම ජීඒට සොරි කිව්වා...
උණු උණුවේ ප්‍රින්ට් කරගෙන ආපු කොළ ටිකේ ගන්න දෙයක් නෑ... සේරම වගේ මිනිස්සුන්ට පෑගිලා මඩ පාට වෙලා... කොන්ක්‍රීට් පොලවේ තිබුන වැලි කැට වලට තැන් තැන් වලින් හිල් වෙලා... ඒ හැමදේම සිද්දවුනේ තප්පර ගානකදි උනත්... ඒ රූපේ ඇස් දෙකට දැක්කට පස්සේ... මට ජීඒ පරිස්සමට අරන් එන්න කියපු ප්‍රින්ට් කොල ටික සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා... ඒ රූපෙ දැක්කට පස්සේ එකසිය ගානට වැඩි වුන හදේ ගැස්ම පොඩ්ඩක්වත් අඩු නොවුනත්... කොන්ක්‍රීට් පොළවේ ඉදන් අසරණව මන් දිහා බලන් ඉන්න A4 කොල ටික මතක් වුන මම ඒව ඇහිදින්න පටන් ගනිද්දිත් කොල ටිකෙන් බාගෙට බාගයක්ම හයේ හතරේ කකුල් වලට පෑගිලා පන අදිනවා...

YOU ARE READING
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )
Fanfictionහදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁