CHAPTER 06

52 5 0
                                        

ඒ දවස එහෙම ගෙවිලා ගියා.ටේ එයාගේ කාමරෙන් එළියට ආවෙම නෑ. පහුවදා උදේම ටේගේ කිරි එකත් හදාගෙන ටේගේ කාමරේට ගිය අජුම්මට දකින්න හම්බුනේ හිස් කාමරයක්..ටේ උදෙන්ම කාටත් හොරෙන් ගිහින් වගේ.

පුරුදු වැඩේ නේ..

අජුම්මා එහෙම හිතලා ටේගේ කිරි ටික ගෙදර ඉන්න චූටි පුස් පැටියට දීලා ගෙදර ගෙවත්තට ආවේ ජන්කුන් පුංචි ජියාව වඩාගෙන කැරකි කැරකි ඉන්න දිහා බලාගෙන..ජන්කුක් කැරකෙන කැරකෙන සැරේට පුංචි කෙල්ල එයාගේ තාම කිරි දත්වත් වැඩිලා නැති කට ඇරගෙන හයියෙන් හිනා වෙන විදිහ අජුම්මා බලන ගමන් ගෙවත්තේ රෝස පදුර සාත්තු කරන්න පටන් ගත්තා..ඔය අතරෙම ජන්කුක් අජුම්මව දැකලා අජුම්මා ලඟට ආවා..

කෝ අජුම්මා ටේ..තාම නිදිද චූටි බබා..

ජන්කුක් හිනා වෙවී අජුම්මගෙන් ඇහුවා..

නෑ පුතා චූටි බේබි උදෙන්ම ඔෆිස් ගිහින් වගේ..

ම්ම්ම් හැමදාම ඔහොමද එයා ? ..උදේට කන්නේවත් නැතුවද යන්නේ..

ඔව් පුතා කියන දේ අහන්නේ නෑ..කොච්චර කීවත් හැමදාම පාන්දරම යනවා ආයේ එන්නේ මහා රෑ..මම පුංචි බේබිව දකින්නෙත් හරි කලාතුරකින්..

අජුම්මා රෝස පදුරේ පිපිල තියෙන ලස්සන පුංචි තද රෝස පැහැති රෝස මලක් දිහා බලාගෙන එහෙම කිව්වේ තමන්ගේ හිතේ දුක ගොඩක් හිරකරෙන..අජුම්මා හරි ආදරෙයි ටේට..කිම් ගෙදර සුරදූතිය වෙච්ච කිම් මහත්මියගේ හදිසි අභාවයත් එක්ක තමා අජුම්මා කිම් ගෙදර වැඩට එන්නෙ..නැත්තම් කිම් මහත්මිය කැමති වුනේ නෑ ගෙදර වැඩ තමන් ඇරෙන්න වෙන කවුරුත් කරනවට..ඒත් ටේට අවුරුදු 7දී කිම් මහත්මිය නැති වෙනවත් එක්ක පුංචි ටේට අම්මාගේ ආදරේ දුන්නේ අජුම්මා..අම්මෙක් ගේ ආදරේ ඒ විදිහටම දෙන්නම බැරි වුනත් අජුම්මා ගොඩක් ආදරේ කරා ටේට..ටේත් එහෙමයි...පොඩි කාලේ ඉදන් අජුම්මගේ තුරුලෙමයි ..ඉතින් ටේගේ මේ වෙනස් වීම අජුම්මට දරාගන්න අමාරුයි..ටේ වුනත් දැන් තමා වැටිලා ඉන්න තත්වෙත් එක්ක එයාට කල්පනාවට ආවේ නෑ තමන්ගේ දෙවෙනි අම්මාව මග ඇරෙන බව..අජුම්මාට ඇඩුනා.. රෝස පදුරේ ඒ පුංචි රෝස මලේ සින්දු පෙති අතගාන ගමන් අජුම්මා තමන්ගේ ඇස් කදුලු වලින් තෙත් කරා...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 15, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

THE UNEXPECTED TRUTH [ ON HOLD ] Where stories live. Discover now