CHAPTER 05

25 4 0
                                        














චූටි බේබි එන්නකෝ අනේ..?

උඩ කාමරේට ගිය ටේ ව එක්කන් එන්න කියලා....අජූම්මා ටේගේ කාමරේට ආවේ ටේ කාමරේ ඇදේ මුණින් අතට හැරිලා මූන කොට්ටයක් අස්සේ ඔබන් ඉන්නකොට...ඒත් ටේගෙන් ප්‍රතිචාරයක් නෑ...

අනේ චූටි බේබි මාව ඇහෙනවදෝ..!!??

අජුම්මා ටේගේ කන ලඟම කෑගැහුවා. එකටනම් ටේ එයාගේ මූණ කොට්ටෙන්  අරගෙන අජුම්මට හුරතල් විදිහට රවලා ආයෙත් කෝට්ටේ අස්සේ මූන ඔබාගත්තා..

අජුම්මා...!!!

මෙහෙම කෑ ගහගෙන ටේගේ කාමරේට ආවේ ජන්කුක්..ජන්කුක්ගේ කටහඩ ඇහෙනකොට නම් දෙන්නෙක්ගෙ මූනවල් දෙවිදියකට වෙනස් වුනා..අජුම්මාගේ මූණ නම් හරිම ලස්සන හිනාවකින් පිරිලා ගියේ ජන්කුක් ආපු වෙලේ ඉදන් අජුම්මා එක්ක හුරතල් වෙවී හිටිය නිසා වගේම මේ වන විටත් අජුම්මට ජන්කුක්ව හිතට අල්ලලා..ඒත් ටේ..එයාගේ මූන තැලිච්ච අඹයක් වගේ අප්පිරිය  සහගත පෙනුමක් ගත්තේ මූන කොට්ටෙ අස්සෙ තියෙනකොටමයි..

ආ... ජන්කුක් බේබි..

මන් කිව්වානේ අජුම්මා..මට පුතා කියන්න..මන් ඔය අනිත් අය වගේ බබලා නෙමේනෙ..

ජන්කුක් ඒක කිව්වේ මුණින් අතට හැරිලා ඉන්න ටේ දිහා හොරැහින් බලලා...ඒකටනම් ටේ ඉක්මනට ඇදේ හරියට ඉඳගෙන ජන්කුක්ගෙ පැත්තට ඇගිල්ල දික් කරලා මෙහෙම කිව්වා..

මේ කිලෝ ඌරෝ..මගේ ගේදට්ට ඇවිල්ලා මටම පාට් එක දානවද...?!!ආ.....!!අනික අජුම්මා එක්ක ඕනෑවට වඩා හුරතල් වෙන්න එන්න එපා..එහෙම නැතිවුනොත් තමුසෙගෙ ඔය විකෘති අත කඩලා දාලා තමුසෙගෙ නහයෙම ඔබනවා..!!එයා මගේ..!!වෙන කොහ හරිගිහින් වෙන අජුම්මෙක් හොයාගන්නවා..!!අනික.. මම බබෙක් නෙමේ..!!අන්න ඒක ම ....ම්ම්ම්ම්ම්ම්..

ටේ ඔහොම කියවගෙන කියවගෙන යනකොට ජන්කුක් ඇවිත් ටේගේ කට අතින් වැහුවේ මේ රැප් එකේ අවසානයක් එයාට දකින්න ඕන වුණු නිසයි..ඒකටත් කේන්ති ගිය ටේ ජන්කුක්ට දවා අලුකරන බැල්මක් දාලා ජන්කුගේ අත හපලා දැම්මේ ජන්කුක් හයියෙන් කෑ ගහල තමන්ගේ අත අහකට ගන්න විටයි..

THE UNEXPECTED TRUTH [ ON HOLD ] Where stories live. Discover now