සතියක් ගෙවිලා ගියේ හරි ඉක්මනට...සූහාගේ ආදහන කටයුතු ඉක්මනින් අවසන් කරපු ටේ හිටියේ මළමිනියක් වගේ..එයා කාත් එක්කවත් කතා කළේ නෑ..අඩුම මිස්ටර් කිම් එක්කවත්..එයත් සූහාගේ මළ ගෙදරට සහභාගි වෙලා ආයෙමත් ඇමරිකාවට ගියේ ටේ ගැන මහා දුකක් හිතේ තදකරගෙන..ටේ ඉස්සර වගේ නෙමේ..ඉස්සර හැම වෙලාවෙම මූණේ තිබ්බ ඒ අහිංසක පෙට්ටි හිනාව..ඒ තොල් අතරේ දැන් නැතිම තරම්..හීනියට තිබ්බ දුඹුරු පාට ලස්සන දීප්තිමත් ඇස් දෙක දැන් හැමවෙලාවෙම රතු වෙලා..ටේට දැන් ඉක්මනට කේන්ති යනවා..පොඩ්ඩ නැත්තම් කෑ ගහනවා..ඔෆිස් එකේ ඉන්න අයත් දැන් ටේට ගොඩක් බය වෙලා..නමුත් එයාලා ටේගේ තත්ත්වය දැනන් සිටි නිසා කිසිවෙක් ටේ ගැන වැරදියට හිතුවේ නෑ...ඔෆිස් එකේ තත්ත්වය එහෙම වෙද්දී...කිම් ගෙදර තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තිබ්බා...ටේ දවසම ඔෆිස් එකේ වැඩ කරලා කරලා මහ රෑ ගෙදර එන්නේ..ඉස්සර අජුම්මා එක්ක රණ්ඩු වෙවී රෑට කෑම හදන ටේ දැන් රෑට කන්නෙත් නැතිම තරම්..සති අන්තේ පුංචි ළමයි එක්ක ගත කරන්න යන ගමනත් ටේ එහෙම්මම නතර කරලා දැම්මේ පුංචි ළමයිව දැක්කම ඒ වගේම දග කරන සූහාව ටේට මතක් වෙන නිසයි..සූහා මැරුණ දවසේ පුංචි සූහාගේ මූණ බැලුවට පස්සේ ටේ ආයෙත් පුංචි සූහාගේ මූණ බැලුවෙම නෑ..එදා රෝහලෙන් එළියට ගිය ටේ පුංචි සූහව අරන් යන්නවත් ආයේ ආවෙත් නෑ..පුංචි සූහාගේ හැම වැඩක්ම කලේ අජුම්මා.. පුංචි සූහා එන්න කලින් එයාගේ වැඩ සියල්ල කරන්න අජුම්මා එක්ක රණ්ඩු වෙලා භාරගත්ත ටේ දැන් පුංචි සූහා දිහා බලන්නෙවත් නැති විදිහ දකින කොට අජුම්මා පුංචි සූහාගේ චූටි රෝස පාට කකුල් සිප ගන්න ගමන් අඩනවා.. පුංචි සූහාට නම තිබ්බෙත් මිස්ටර් කිම්..ඒ තමයි කිම් ජියා..ටේගේ අම්මාගේ නම තමයි මිස්ටර් කිම් පුංචි සූහාට තිබ්බේ..
ඔහොම කාලය ගෙවිලා යද්දී ටේගේ මේ හැසිරීමේ කිසිම වෙනසක් වුනේ නෑ. ටේගේ මේ හැසිරීම අජුම්මගෙන් මිස්ටර් කිම් දැනගත්තා..
A/N : ම්ම්ම්..ඩේලි අප්ඩේට්ස්..නාකි ගෑනු ඔහොම්මයි..😒
ඒත් ටේගේ මේ හැසිරීමට මිස්ටර් කිම් මුකුත් නොකියා හිටියේ කාලයත් එක්ක මේ හැමදේම විසදෙයි කියලා හිතලා.. ඒත් එහෙම වුනේ නැති නිසාත් ටේගේ මේ හැසිරීම දරාගන්න බැරි නිසාත් මිස්ටර් කිම් ආයෙමත් සෝල් වලට අවා..ඒත් සෝල් වලට ආවේ තනියම නෙවෙයි..
YOU ARE READING
THE UNEXPECTED TRUTH [ ON HOLD ]
Romanceහැම දෙයක්ම පටලැවිල්ලක්...~ හැම දෙයක්ම බොරුවක්...~ ඇයි මාව රැවැට්ටුවේ...~ ඇයි මට මෙහෙම රිද්දන්නේ...~ මම නොහිතපු විදිහෙ දෙයක් ඔයා මගේ ඇස් ඉස්සරහ මේ කියන්නේ..!!! Taekook Story ⏫ Kook ⏬ Tae කියවලා බලන්න... මේකට ඔයාලා ආස වෙන එක ඔයාලගේ වැඩක්..මම ආසවටයි ආ...
![THE UNEXPECTED TRUTH [ ON HOLD ]](https://img.wattpad.com/cover/345015762-64-k619688.jpg)