CHAPTER 03

28 6 0
                                        








ටේ මම ප්‍රෙග්නට්..දැන් හරියටම මාසයක් වෙනවා දැනගෙන

සූහා ටේ ගේ කාර්යාලයේ  සෝෆා එක උඩ ඉඳගෙන ටේගේ උරහසින් ඔලුව තියාගෙන හඩමින් එසේ පැවසුවා...

මොකක්...!!ඇයි මට කිව්වේ නැත්තේ..ඉතින් ඒක හොඳයිනේ සූහා..කොච්චර හොඳද සූහාගේ චූටි වර්ෂන් එකක් මන් ගාවට එන්නයි හදන්නේ..ඇයි ඉතින් අඬන්නේ...?

ටේ සතුටින් උඩ පනිමින් එසේ පැවසුවේ සූහාගේ කදුලු පිහදාන ගමන්...

කෝ..අඬන්නේ ඇයි කියන්නකෝ..බය කරන්නේ නැතුව..අනික ඔයාට අඩන්න හොද නෑ..අපේ චුටියව ලෙඩ කරන්නද හදන්නේ ඔයා...කෝ ජේ හයුන්.. මන් සති ගානකින් දැක්කේ නෑ එයාව..ඔයා එයාව එක්කන් ආවෙත් නෑ පාර්ක් එකට..කොහෙද ජේ හයුන්..

මම දන්නේ නෑ ටේ..!!!මම දන්නේ නෑ...!!මේ මනුස්සයා කොහේ ගිහින්ද මන් දන්නෙ නෑ....!! මට ඕනම වෙලාවේ මේ මනුස්සයා කොහේ ගිහින්ද කියන්න මන් දන්නේ නෑ..මමත් එයාව දැක්කේ නෑ සති ගානකින්..මේ මාසෙ මුල මහ රෑ බොඩිමෙන් එළියට ගිය පාර කොහේ ගියද කියන්න මන් දන්නේ නෑ....

සූහා අඩ අඩ කෑගසමින් ඒ කිව්ව දෙයින් ටේගෙ ඇස් විශාල වුණා..ජේට මොකද වුනේ..? සූහාට ජේව ඕනම වෙලාවේ මෙයා කොහෙ ගිහින්ද...? මෙච්චර කල් කොහෙද ගිහින් ඉන්නේ...? තමන් දැන් මොකද කරන්නේ...සූහාව කොහොමද බලාගන්නේ..සූහාට කොහොමද ප්‍රතිචාර දක්වනනේ..ඔය ප්‍රශ්න සියල්ල ටේගේ මනසේ හොල්මන් කරන්න ගත්තා..

මොනවද කියන්නේ සූහා...!! ඔයා මට දැන් ද කියන්නේ.. ඇයි කලින් කිව්වේ නැත්තේ..?

ටේ මදක් කේන්තියෙන් සූහාගෙන් එසේ ඇසුවා..

ඔ...ඔයාට ගොඩක් ප්‍රශ්න තියෙනවා..ඔෆිස් එකේ වැඩයි...කිම් අන්කල්ගේ වැඩයි..නිසා මට හිතුනේ නෑ..මගේ ප්‍රශ්නත් ඔයාගේ ඔළුවට දාලා ක..කරදර කරන්න.. දැන් මේ  බැරිතැන ඔ..ඔයාට කි..කිව්වේ...

THE UNEXPECTED TRUTH [ ON HOLD ] Where stories live. Discover now