තමන්ගේ දවසේ වැඩ කටයුතු ටික සූහා එක්ක එකතු වෙලා කරපු ටේ..ජේ සහ සූහාට සමු දී තමන් වැඩියෙන්ම කැමති තැන වෙච්ච සෝල් ළමා උද්‍යානයට ගොස් කුඩා දරුවන් සමඟ සෙල්ලම් කොට රෑ බෝ වෙන්නට හෝරාවක් පමණ වේලාව තබා නිවසට පැමිණියා. නිවසට පැමිණ නිවසේ ඉදිරි දොර අරිමින් නිවස තුළට ගිය ටේට දකින්න ලැබුණේ අත් දෙකත් ඉනේ තියාගෙන තමන් දෙස රවන් බලන් ඉන්න තමන්ගේ ආදරණීය පියාණන්වයි.
ම්ම්ම්... යසයි චූටි බේබිගේ වැඩ...ම්ම්ම්ම්..නේද අජුම්මා..?
මිස්ටර් කිම් ටේ දෙස බලමින් ඔවුන් අසලම සිටි අජුම්මා සමඟ සිනාසෙමින් එසේ පැවසුවා...
අජුම්මා පුතාට මොනවාරි බොන්න හදන්න...පුතා ගිහින් වොෂ් එකක් දාන් එන්න මට ඔයත් එකක් ටිකක් කතා කරන්න ඕනේ..
මිස්ටර් කිම් එසේ පැවසූ පසු ටේ ඔහුගේ කාමරයට ගොස් පිරිසුදු වී පහළ මහලට පැමිණ..පත්තරයක් බලමින් සිටි මිස්ටර් කිම් අසලට ගොස් ඔහුගේ උකුල උඩින් ඔලුව තියාගත්තා...
අප්පා...!!!
ටේ එසේ තමන්ගේ සුරතල් හිනාව පෙන්වමින් මිස්ටර් කිම්ගේ නහයට තට්ටු දමමින් කෑ ගැසුවා.
ආ...ඕවනම් දැන් හරියන්නේ නෑ මාව තම්බන්න හොදේ..ඒනිසා නැගිටලා අජුම්මා හදලා තියෙන කිරි එක බීලා එයා වත් එක්කන්ම එන්නකෝ..
මිස්ටර් කිම් එසේ ටේගේ හිස අත ගාමින් පැවසුවා.කියූ ආකාරයටම ඒ දේවල් කළ ටේ අජුම්මාත් සමග පැමිණ කිම් ඉස්සරහින් වාඩි වුණා..
හරි මෙහෙමයි ටේ..මන් ඔයාට මෙච්චර කාලයක් ඔයා කැමති දේවල් කරන්න දුන්නා..එහෙමනේ..මන් කොච්චර අකමැති වුනත් ඔයාට මෙඩිකල් කොලේජ් එකටත් යන්න අවසර දුන්නා..ඒත් පුතේ දැන් කාලේ හරි..ඔයා දැන් මගේ බිස්නස් භාර අරන් කරන් යන්න ඕනේ..ඔයාට තේරෙනවා ඇතිනේ..මන් දන්නවා ඔයා අකමැති කියලා. එහෙම කියලා මන් මේවා කාට දෙන්නද ..ම්ම්ම්..මන් දැන් මාසයක් තිස්සේ පුතාට මේක කියනවනේ..ඒත් පුතා හැමදාම උදේට හොරෙන්ම යනවනෙ...ඒත් දැන් එහෙම බෑ...මගේ පුතාට තේරෙනව නේද..?
YOU ARE READING
THE UNEXPECTED TRUTH [ ON HOLD ]
Romanceහැම දෙයක්ම පටලැවිල්ලක්...~ හැම දෙයක්ම බොරුවක්...~ ඇයි මාව රැවැට්ටුවේ...~ ඇයි මට මෙහෙම රිද්දන්නේ...~ මම නොහිතපු විදිහෙ දෙයක් ඔයා මගේ ඇස් ඉස්සරහ මේ කියන්නේ..!!! Taekook Story ⏫ Kook ⏬ Tae කියවලා බලන්න... මේකට ඔයාලා ආස වෙන එක ඔයාලගේ වැඩක්..මම ආසවටයි ආ...
![THE UNEXPECTED TRUTH [ ON HOLD ]](https://img.wattpad.com/cover/345015762-64-k619688.jpg)