ආත්මේ ලෙෆ්ට් !!

Start from the beginning
                                    

රතු රෝස පැහැයට හුරු දැල්ලක් එක්ක ඒ බොරු ඔලුව ගිනිගනිද්දි මේඝගේ ඇස්වල බලාපොරොත්තුවේ සේයාවක් ඇඳුණා...

විනාඩි ගාණකට පස්සෙ සම්පූර්ණයෙන්ම වගේ ඒ හිස කොටසේ කොණ්ඩය ඇතුළු අනෙක් කොටස් ගොඩක් පිච්චිලා යද්දි හිස්කබල පිච්චෙන්න කලින් පොඩි හෝස් බටයක් අල්ලලා මේඝ ඒ ගින්න නිවලා දැම්මා... ඊටපස්සේ ඉතුරු වුණු හිස්කබල දිහා මේඝ බොහොම කල්පනාවෙන් බලන් හිටියා..

"අනේ මන්දා මේ යකා ඒපාර ගේ අස්සේ මිනී පුච්චන්නත් තියාගත්තනේ.. මොනවයින් මොනවා වෙයිද මන්දා.."

මේඝට බැන බැන අවින්දිත් ඒ දිහා බලන් හිටියේ කුතුහලෙන්...

"බෑග් එක.."

එහෙම කියන ගමන් මේඝ හිස්කබල දිහා බලාගෙනම පිටිපස්සට අත දික් කරද්දි මෝඩ ඩබල මූණට මූණ බලාගත්තේ එකපාරට ඒක ඔලුවට නොගියපු නිසා...

"තොගේ බෑග් එකද කොහෙද ඉල්ලන්නේ.. දීපන්.."

මෝක්ෂ පන්සිළුගේ කනට කරලා කිව්වට පස්සේ පන්සිළු ඒ බෑග් එක මේඝට දුන්නා.. බැග් එකේ ශිපර් එක දිහා ටිකක් වෙලා බලන් ඉඳපු මේඝ ඒක පැත්තකින් තියලා යමක් ප්‍රත්‍යක්ෂ කරගත්තා වගේ ඔලුව වැනුවා...

අනික් තුන්දෙනාම මේ ලෝකේ දෙයක් තේරුම් ගන්න බැරුව වගේ බලාගෙන ඉද්දි මේඝ ඒ හිස්කබලේ උඩ කොටසේ තිබුණු දාර කිහිපයක් උඩින් හෙමීට ඇඟිලි තුඩු යවලා එක දාරයක් ඇඟිල්ලෙන් තද කළා..

ඩෝං !!!!!

.

.

.

.

.

.

.

.

ලොකු සද්දෙකුත් එක්කම එතනින් හිස්කබලේ කෑල්ලක් විවෘත වෙලා බර්ත්ඩේ ප්‍රසන්ට් එකක වගේ කොළ කෑලි මුළු ගේ පුරාම විසිරෙන්න ගත්තා.. ඒ වගේ සද්දයක් කොහෙත්ම බලාපොරොත්තු නොවුනු අනෙක් තුන් හතර දෙනාම හිටපු තැන්වලම බිම වැටිලා හිටියේ ඒක හැමෝටම සප්‍රයිස් එකක් වුණු හින්දා... ආයෙම බර හුස්මක් පහළට හෙළපු මේඝ හිස්කබල අත් දෙකට අරගෙන මෝක්ෂගේ ඉස්සරහට ගිහින් ඒක මෝක්ශට දික් කළා...

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now