51.කොටස

Începe de la început
                                    

"අනෙ මන්දා අයියෙ මේ ළමයින්ගෙ වැඩ බලන්නකො ඉතින්.... මේවා අපිට කලින්ම කිව්වනම් මීට වඩා ලස්සනට වෙන්න තිබුන දේවල්නෙ....."

"මොනවා කරන්නද සුධීරා... වෙන්න තිබුන දේවල් උනානෙ.... මං දැන්වත් මේ දේවල් වලින් නිදහස් වෙන්න ඕනෙ.... මං අතුලටත් එන්න කිව්වා...."

"ආහ් ලෝයර් සමරදිවාකර දැන් එනවද...? ඒ කියන්නෙ අදම මේ හැමදේම අපේ තේජා......මං කිව්වෙ අශූට දෙන්නද අයියා හදන්නෙ....?"

"චූටි පුතාට නෙමෙයි නංගි... එයා බැන්දගමන් මේවගෙ අයිතිය කෙලින්ම ලැබෙන්නෙ එයාගෙ මහත්තයට.... අතුලට දැනටම ඒ ඩොයුමන්ට්ස් ලෑස්ති කරලා තියෙන්නෙ....චූටි පුතාගෙ හස්බන්ඩ්ට බාරදෙන්න විතරයි දැන් තියෙන්නෙ....."

"ඕවා ඉතින් හදිස්සියෙ වෙන්න ඕනෙත් නෑ අයියෙ...කවදා හිටියත් ලැබෙන දේවල්නෙ... අපේ තේජාන් ඕවා බලාගෙන අශූව බැන්දෙ නෑනෙ අයියෙ..."

"ඒක හොදයි.... ඒත් නංගි මං අතින් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට වෙන්න එපැයිනෙ...."

"ඒක නම් එහෙම තමයි.... අයියගෙ කැමැත්තක්...මං මුකුත් කියන්නෑ ඕවට.... ඔක්කොටම කලින් අර හිගන්නව මේ ගෙදරින් එලවලා ඉන්න අයියෙ...තවත් මොකටද ඌ මේක අස්සෙ රිංගන් ඉන්නෙ...."

"ම්ම්...අතුල ආවට පස්සෙ තව දුරටත් මේවගෙ අයිතියක් නැති උන්ට මේ ගේ අස්සෙ ඉන්න බැරි වෙයි.... මාවයි මගෙ දරුවයි රවට්ටන්නත් බැරි වෙයි...."

තාත්තා ඒක කිව්වෙ මගෙ මුහුණ බලාගෙන.... මං මුකුත්ම නොකියා තාත්තා දිහා බලන් හිටියා... ඒ කියන්නෙ අදින් පස්සෙ මේ හැමදේම ඉවරයිද තාත්තෙ....? මං තාත්තා දිහා බලන් එහෙම හිතනකොටම ඒ වෙලවෙ ගෙදරට ආවෙ තාත්තගෙ ලෝයර් මිස්ටර් සමරදිවාකර.....

"මිස්ටර් වික්‍රමසිංහ....මං පරක්කු උනාද......?"

"නෑ නෑ....මිස්ටර් සමරදිවාකර වෙලාවටම ආවා........එන්න....ඇතුලට ඇවිත් වාඩි වෙන්න...."

තාත්තා වගේම මිස්ටර් සමරදිවාකර වෙනදා වගෙ උබ බන් මචං නොකියා රාජකාරිය මට්ටමෙන් කතා කරෙ අද සිද්ධ වෙන්න යන වැදගත් දේ නිසා වෙන්න ඇති.... මං මේ දේවල් දිහා බලන් හිටියෙ කිසිම  හැගීමකින් නෙමෙයි.....තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා නෑ මට.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedUnde poveștirile trăiesc. Descoperă acum