💔💔💔

33 5 2
                                        

2023-05-19
10.33 p.m.

මේ ගෙවෙන්නේ මට අමාරුම කාලයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ගෙවෙන්නේ මට අමාරුම කාලයක්...
තමන් ආදරේ කරන අය තමන්ව ප්‍රතික්ශේප කරනකොට දැනෙන දුක විදලා තියෙනවාද..?
අන්න ඒ දුක විදලා මම හෙම්බත් වෙලා ඉන්නේ...

හැමෝටම පේන්න හිනා වෙලා මට ඇති වෙලා...
අද මට අක්කෙක් කිව්වා මෙහෙම දෙයක්...
"නංගි මාරම ආතල් එකේ නේද ඉන්නේ...ඔය හිත ගලක්ද බන්" කියලා...

මම කරේ ඒ අක්කට හිනා වුන එක විතරයි...ඒත් මට ඕනේ හැමෝටම කෑ ගහලා කියන්න මගේ දුක...මට ඕනේ හැමෝටම කියන්න මටත් තියෙන්නේ හදවතක්...මමත් කෙල්ලෙක්...මටත් හැඟීම් දැනීම් තියෙනවා...මටත් හිත ගිය ඒත් කවදාවත් අයිති නොවෙන ආදර කතාවක් තියෙනවා කියලා...

ඒත් මට බෑ...මොකද මම දන්නවා හැමෝටම මාව කරදරයක්...එයාලට මාව විහිලුවක් වෙයි...ඒත් මගේ පෙර පිණකට මගේ මූණට හිනාවක්,හිතට සහනයක් ගේන්න පුළුවන් හොඳම යාළුවෙක් මට ලැබුනා...

එයා මගේ දුක හැමදාම අහගෙන ඉන්නවා....මට ඔලුව තියාගෙන අඩන්න එයාගේ උරහිස දෙනවා...මගේ දුක අහලා එයා මට කියන්නේ

"උඹ හැමෝටම වඩා වෙනස් මැණික...උඹ හැමෝටම වඩා ශක්තිමත්...උඹව කාට වැදගත් නොවුනත් මට වැදගත්..උඹ මගේ හැමදේම...මම උඹට ඉන්නවා"

මම ළඟ නොහිටියත් මට ඒ වචනේ ඇති හප්සරා...හප්සරා උඹ තමයි මගේ එක ලෙයින් නොයිපදුනත් මගේ සහෝදරිය...මගේ soulmate,my universe...

"මගේ painkiller එක වුනේ අන්සතු මලක් වුන ඔයාගේ කටහඬම පමණයි"කියලා මට එයාට කියන්න පුලුවන් නම්???

මම දන්නවා මට ඒක කරන්න බෑ...ඒ නිසයි  මට ඕනේ කරන්නේ ඇහැරෙන්නේ නැති තද නින්දක්...හැම දේම ඇහෙන දැනෙන ඒත් අවදි වෙලා නැති නින්දක්...මට ඕනේ මේ හැමදෙයක්ම අවසානයක් දකින්න...

තවත් ඉදිරියට යන්න මට ශක්තියක් නෑ...

කියන්නද මම දෙයක්..
නුඹට නොකී රහසක්..
තවමත් රකින රහසක්..
ආදරෙයි මහ ගොඩක්..

I don't know  why,but I feel alone😔

OVERCOMING DIFFICULTIES(complete)Where stories live. Discover now