"මගෙ රෝස මල බලන්න.... "

එහෙම කියනගමන් අඩිය අඩිය බෝ ලගට ලන් උනා..... ආදිත්‍ය මගෙ කොල්ලා ලගට යන එක මට නවත්තන්න ඕන උනත් මං සද්ද නැතුව  බලන් හිටියෙ මේ වෙලාවෙ කලබල වෙලා බැරි නිසයි...මං හිටියෙ බෝගෙ දකුණු පැත්තෙ එයාට අඩියක්  ඉස්සරහෙන්  උනත් ආදිත්‍ය මං මෙතන නෑ වගෙ මට බැල්මක්වත් නොදී මගෙ කොල්ලගෙ  ඉස්සරහ හිටගත්තා.....ආදිත්‍යගෙ ඇස් කෙලින්ම එල්ල වෙලා තිබුනෙ එයාගෙ මුහුණට..... ඒ ඇස් වල හැගීම් කියවන්න අමාරුයි....

"ගොඩාක් කලෙකින් මෙහෙම ලගට දැක්කෙ.....මට ඔයාව ගොඩාක් මිස් උනා අශූ..........."

ආදිත්‍ය හැදුවෙ බෝගෙ කම්මුලක් අල්ලන්න...... ඒකට ඉඩ දෙන්න බෑ..... මං හැදුවෙ ආදිත්‍යව නවත්තන්න....ඒත් ඊට කලින් වෙන කෙනෙක් ඉස්සර උනා.....

"ඒක කරන්න හිතන්නවත් එපා........"

එහෙම කියනගමන් බෝගෙ ඉස්සරහට ඇවිත් හිටගත්ත දේවාන් ආදිත්‍යගෙ අත තදින් අල්ලගත්තා.....

"ඔහ්..... ඇයි මේ....?"

"මගෙ මල්ලිව අල්ලන්න හිතන්නවත් එපා......"

ආදිත්‍යගෙ ඇස් දේවාන්ගෙ මුහුණ පුරා දුවනවා මං දැක්කා....

"ඇයි ජෙලස්ද.........?"

"ඒ මොන මගුලකටද.......?"

"එහෙම නැත්නම් අයින් වෙනවා...."

"බෑ.......මේ මගෙ මල්ලි.... තමුසෙ කවුරු උනත් කමක් නෑ මගෙ මල්ලිගෙන් ඈත් වෙලා ඉන්නවා........."

"එහෙම නොවුනොත්........?"

"එහෙම නොවුනොත් මේ දේවාන් කවුද කියලා තමුන්ට බලාගන්න පුළුවන් වෙයි...."

"මට මේ දැනුත් පේනවනෙ ඔයා කවුද කියලා....ලස්සන කියුට් කොල්ලෙක්.... නම දේවාන්....... දේවාන් නෙත්සර විතානගේ......මං හරිද.....? "

ආදිත්‍ය එහෙම අහද්දි කොල්ලගෙ මූණ රතු උනා.... තාමත් දේවාන් ඒ අතින් අල්ලගෙන.....

"ඉතින් කියුටී... ඔයා කැමතිද  දිගටම මගෙ අත අල්ලන් ඉන්න......? "

"හහ්...මට එහෙම අමාරුවක් නෑ........"

ආදිත්‍ය අහපු දේට දේවාන් ගැස්සිලා  අත අතැරියා.......

"ම්න්....මටත් නෑ...... මං ආවෙ වෙන කෙනෙක්ගෙ අතක් අල්ලගන්න.... සදහටම.........."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now