තැටි දෙකම රත් වුණ උදුනට දාපු ටේහියුන් එතන බඩු ටික අස් කරේ පුංචි ජේන්ව රාස්බෙරි ගේන්න එයාගේ වත්තට යවලා...

ටික වෙලාවකින් ටේහියුන් කුස්සිය අස් කරලා ඉවර වුණා.. උදුන දර ටික එහෙට මෙහෙට කරලා ටේහියුන් කේක් පිච්චෙන්න ඕන කරන උෂ්ණත්වය ට ආයෙමත් හැදුවා..

ඒත් එක්කම රාස්බෙරි කූඩයක් අරගෙන ජේන් උඩ පැන පැන ආවේ සතුටින්..

" ටේ මං රාස්බෙරි ගෙනාවා.. "

ජේන් රාස්බෙරි කූඩය ටේහියුන් ට දෙනකොට හිනාවෙලා ජේන් අතින් රාස්බෙරි කූඩය අතට ගත්ත ටේහියුන් ඒකෙන් ගෙඩි කීපයක් ජෝන්ට දුන්නා..

රාස්බෙරි ටික භාජනයකට දාලා ටේහියුන් හොඳට හෝදගත්ත.. ඊට පස්සේ අවුලලා තිබුණු ලිප උඩින් තවත් භාජනයක් කියලා ඒකට වතුර රාස්බෙරි එක්ක සීනි දැම්මා.. ටිකකින් ලුණුයි ලෙමන් යුෂ ටිකකුත් ඒකට එකතු කරා..

මුළු කුස්සියේ වගේම ඒ වටපිටාවටත් ටේහියුන් ගේ කේක් එකේ සුවඳ දැනුණා.. ම්ම්..

කේක් එක උදුනෙන් එලියට ගත්ත ටේහියුන් ඒක නිවෙන්න ටික වෙලාවක් තිබ්බා.. ජේන් ගේ පුංචි කේක් එකත් ඒ එක්කම ඔහු උදුනෙන් එලියට ගත්තා..

රාස්බෙරි ජෑම් එකත් ලිපෙන් ටේහියුන් බෑවා.. දෙකම ටිකක් නිවෙන්න තියලා ඔහු පුටුවෙන් වාඩි වුණේ හොඳ හුස්මක් අරන්..

" ටේ කේක් එකේ රාස්බෙරි ජෑම් දාන්නේ නැද්ද "

" පුංචි ජේන් ඇයි මේ හදිස්සි.. ඒක තවම උණුයි.. "

ටේහියුන් හිනා වෙලා කිව්වේ ජේන් දිව දික්කරන කොට.. ටික වෙලාවකින් ටේහියුන් රාස්බෙරි ජෑම් දාලා කේක් එක හැඩ කරා.. පුංචි ජේන් හරි හරියට ටේහියුන් එක්කම එයාගේ කේක් එක හැඩ කරා...

දෙන්නම මූණට මූණ බලා ගෙන හිනා වුණේ කේක් එක හදලා ඉවර කරපු නිසා..

" මං මමා ටයි ඩැඩා ටයි මේක අරන් යන්නම් ටේ.. මේ කෑල්ල ඔයාට.. "

ජේන් එයාගේ පුංචි කේක් ගෙඩියෙන් කෑල්ලක් පිඟානක තියලා අනික් ටික අරගෙන ගෙදර දිව්වා..

ටේහියුන් එයාගේ කේක් එක කූඩයක් පරිස්සමින් තිබ්බේ හවස එන එයාගේ පාරිභෝගිකයට ඒ කේක් එක දෙන්න ඕන නිසා... ජේන් තියපු කේක් කෑල්ල රසවිඳින ගමන් තේ කෝප්පයක් තොල ගාන්න ටේහියුන් අමතක කරේ නෑ...

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now