29.කොටස

Comincia dall'inizio
                                    

"අයියේ.....ඉස්සරහට ගිහින් ටිකක් නවත්තන්නකො......"

මං ඇහුනෙ නෑ වගෙ දිගටම ඩ්‍රයිව් කරගෙන ආවා....

"අයියේ අර...අර ගහයට ටිකක් නවත්තන්නකො......."

එයා පෙන්නුවෙ පාරෙ පාළු තැනක ලොකු ගහක් යට....කොහොමත් මේ පාරවල් වල වාහනයක් යන්නෙ ඉදලා හිටලා වගෙ.... මේ හරියෙ ගෙයක්වත් කඩයක්වත් පේනතෙක් මානෙක නෑ....එයා නවත්තන්න කිව්වට මං ඒකත් ඇහුනෙ නෑ වගෙ ඩ්‍රයිව් කරා....

"අනේ නවත්තනවකො මෝඩයෝ.......!
අයියේ......!! තමුසෙගෙ කන ඇහෙන්නෙ නැද්ද......?? ආ......??"

එයා කොච්චර කෑගැහුවත් මං ඇහුනෙ නෑ වගෙ හිටියා....

"තමුසෙට දැන් මාව ඕනෙ නැද්ද කියනවා.....!! ඒ කියන්නෙ දැන් මට ආදරේ නැද්ද........ආ....???"

බ්‍රාස්ස්ස්ස්..............

මට එකපාරටම බ්‍රේක් එක පෑගුනා....... එයාගෙ ඒ වචන ඊතල වගෙ මගෙ පපුව ඇතුලට බහිනකොට දැනුන වේදනාවට මං එයා දිහා බැලුවෙ කේන්තියෙන්....

"මොකක්ද උබ කිව්වෙ....? ආයෙත් කියපන් බලන්න...."

මගෙ එක අතකින් එයාගෙ කට දෙපැත්ත තද වෙනකොට එයාගෙ ඇස් පුදුමයෙන් ලොකු උනා.... ඔව් එයාට පුදුම ඇති.... මොකද මං කවදාවත් එයා ලගදි මෙහෙම කේන්ති අරන් නෑ.... එයා නිසා මට මීට කලින් කවදාවත් මෙහෙම කේන්ති ගිහිල්ලත් නෑ..... අදරේන් ඒ ඇග හපලා රිද්දුවත් කේන්තියකින් මගෙන් එයාට සීරීමක්වත් වෙලා.....

"කියපන් ඉතින්....?? බැරිද....?

"අ..ය්..යේ...හ්හ්......."

"එහෙනම් කියපන් මට , උබ මට ඇත්තටම ආදරේද කියල....?? ආ........? උබෙ ආදරේ ඇත්තක්ද කියපන්........?? අර බැල්ලි වෙනුවෙන් මැරෙන්න ගියේ උබ මට ආදරේ නිසාද කියපන්.......??????"

"ආහ්ව්.....අය්..යේ..."

මං හැමදාම ආදරෙන් සිපගන්න ඒ සිනිදු කම්මුල් තව තවත් මගෙ ඇගිලි වලට තද වෙද්දි මං කාර් එක දෙවනත් වෙන්න කෑගැහුවා....... හිතේ තෙරපුන බය වේදනාව කේන්තිය එයාගෙ වචනත් එක්ක පුපුරලා යද්දි මට උහුලගන්න බැරි උනා.... අද මට නැති වෙන්න ගියෙ මගෙ මුළු ජීවිතේම... මගෙ මුළු ලෝකෙම.... මං පිස්සෙක් නොවී පිස්සෙක් උනා.... එයාව ඇස් දෙකට දකිනකන් මැරි මැරී ඉපදුනා.... ඒත් එයා මැරෙන්න ගිහින් තිබුනෙ එයාව මරන්න හදපු තිරිසන් බැල්ලියෙක් වෙනුවෙන්.......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedDove le storie prendono vita. Scoprilo ora