Episode 1 සිංග්ලිෂ්

815 17 2
                                        

Aunty Niki - Brutally honest
Episode 1 - Singlish

හායි ෆ්‍රෙන්ඩ්ස්

ආන්ටි නීකි - බෘටලි ඔනස්ට්
එපිසෝඩ් වන් - සිංග්ලිෂ්

මෙහෙම පෝස්ට් එකක් දැක්ක ගමන් ඒ පාර මේ ගෑනි මොකද්ද මේ නටන්ඩ යන නාඩගම කියලා හිතලා ඇවිත් ඔයා මෙතන නතර උනා නේද ප්‍රෙන්. එහෙනම් තැනක් යූ ♥️

මේකයි නාඩගම. මේ සෝෂල් මීඩියා වල ඇහෙන දකින, කතා බහට ලක් වෙන දේවල් දැකලා මට හිතුනා පොඩි ආතල් එකක් ගන්ඩ. ඉතින් තනියම ආතල් ගන්ඩත් හොඳ නැති නිසා මම හිතුවා උඹලා හැමෝවම ඒ ආතල් එකට එකතු කරගන්ඩ. හැමතිස්සෙම දුකම කියලා, දුකම අහලා, දුක සේ රඟපාලා ඔයාලාට ඇති වෙලා නම්, එන්ඩ ආන්ටි නීකි ගාවට චුට්ටක් හිනා වෙන්ඩ. හිනා ගියේ නැතත් හාහා රිඇක්ට් එකක් දාලා පාඩුවේ ගියාට කමක් නෑ ඉතිං. සල්ලි වලට නෙවෙයි නේ.

ඉතිං මෙහෙමයි, නිකී කියලා නම ගෑවුන පළියට ආන්ටි නිකී ලියන හැම දෙයක්ම නිකිණි වර්ෂාට සිද්ද උන දේවල් කියලා හිතන්ඩ එපා. ( ගන්ඩ ඕන පණිවිඩය ගත්තනම් ඇති.) ආන්ටි නිකී කියන්නේ සම්පූර්ණයෙන්ම මනංකල්පිත හොට් ඇන්ඩ් සෙක්සි කැරැක්ටර් එකක්. සැබෑ ජීවිතයේත් එහෙම අය ඕනෑතරම් ඇති කියලත් මම විශ්වාස කරනවා. ආන්ටි නිකී කියන කතා අහලා රෙද්ද උස්සගෙන එන්නේ නැතිව ගතයුත්ත අරගෙන පිටවෙලා යන්ඩ කියලා මුලදීම කියන එක හොඳයි කියලා හිතුනා. මොකද මේ ගෑනිගේ කට එච්චර හොඳ නෑ. ඒකයි බෘටලි ඔනස්ට් කිව්වේ. සිංහලෙන් කිව්වොත් ආන්ටි නිකී කියන්නේ එයාට පේන, එයාට හිතෙන , එයාට දැනෙන දේ ඍජුවම, මූණටම කියන කෙනෙක්. ඉතිං එහෙම මිනිස්සුන්ව අපේ බුද්ධිමත් ජනතාව බොහෝ වෙලාවට ලේබල් කරන්නේ අපෝ ඒකිගේ කට හොඳ නෑ ! ඒකිගේ කටට බ්රේක් නෑ. ඒකි හිතන් ඉන්නේ සියල්ල දත් කියලා. ඒකි ඉරිසියයි. ඔන්න ඔහොමයි ප්‍රෙන්ස්.

උදාහරණයක් හැටියට අපි මෙහෙම හිතමු. අපි ටිකක් මොඩන් මාතෘකාවක් ගමු. අද කාලේ කෙල්ලන්ගේ , විශේෂයෙන්ම පිට රටවල් වල, ට්‍රෙන්ඩ් එක තමයි මේ උපතින් ලැබිලා තියෙන ලස්සන දෙතොල් බැබුන් පුකක් බවට පත් කිරීම. කේන්ති ගන්ඩ එපා කුණු හරුපයක් නෙවෙයි කිව්වේ. හරි කේන්ති ගිය අයට මම ඒක ඉංග්‍රීසියෙන් කියන්නම්. "ලස්සන දෙතොල් බැබූන් බට් චීක්ස්" බවට පත් කිරීම. ඔන්න බලපන් දැන් උඹලට ඒක පොෂ් විදිහට ඇහුනා නේද ? ඔන්න දැන් තේරුම් ගනින් ඇයි මම මේ එපිසෝඩ් එක සිංග්ලිෂ් කියලා නම් කලේ කියලා. ( ඉස්සරහටත් ලියවෙන වචන වලට උඹලා උඹලට අහන්න කැමැති වචනයක් ආදේශ කරගෙන කියවන්ඩ. ) සමහර වචන සිංහලෙන් කියනවට වඩා ඉංග්‍රීසියෙන් කියද්දී ඇත්තටම පොඩි ලල් එකක් තියෙනවා. සිංග්ලිෂ් කියන්නේ තව දිගට කතා කරන්ඩ ඕන මාතෘකාවක්. අපි එතැනට පස්සේ එමු.

Aunty නිකී Where stories live. Discover now