𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 29

3.8K 547 348
                                    

කුකී...ඔයා තේහ්‍යුන් පුතත් එක්ක තියෙන සම්බන්ධේ නවත්තන්න ඕනෙ...!!

ම්..මොකක් ?

ජන්කුක් ගේ ඇස් ලොකු උනා...ඔම්මා කියපු දේ ජන්කුක් ආයෙ ආයෙ මතක් කරා...ඒ ඔම්මා කියපු දේ එයාට ඇහුනේ වැරදිලාද කියලා...ඒත් ඔම්මයි අප්පයි විහිලුවක් නෙමේ කරන්නෙ...ජන්කුක් ඒක දන්නවා...එයාලගේ මූනු දැක්කම ඒක කියන්න පුලුවන්...

ඔ..ඔයාලා විහිලුවක් නේද කරන්නෙ ?

අපි විහිලුවක් කරනවා වගේද කුකී පේන්නෙ ?

ම්..මට කිසි දෙයක් තේරෙන්නෙ නැ...

තේරුම් ගන්න තරම් දෙයක් නැ...ඔයා තේහ්‍යුන් පුතාගෙන් අයින්වෙන්න කුකී...එච්චරයි...

ඔම්මා...!!!

ජන්කුක් කැගහගෙන නැගිට්ටා...ඔම්මලා කියන දේ ජන්කුක් ට විශ්වාස කරගන්න බැ...ජන්කුක් ඇස් ලොකු කරන් ඔම්මයි අප්පයි දිහා බැලුවා...ඒ දෙන්නත් ජන්කුක් දිහා බැලුවා...ජන්කුක් ගේ රියැක්ශන් එක කොහොම වෙයිද කියන්න ඒ දෙන්නම දන්නවා...

මං දන්නැ ඔම්මා මොනා කියනවද කියන්න...මොනා උනත් මං මගේ හියුන්ගී ගෙන් අයින් වෙන්නෙ නැ...!!!

කියන දේ අහන්න කුකී...එච්චරයි...අනික මිස්ටර් කිම්ට දැන් හොදයි නේ...ඔයා ආයෙ එහෙ යන්න ඕනෙ නැ...

අප්පා...ඇයි ඔයාලා ඔහොම කතා කරන්නෙ ? මොකද්ද ප්‍රශ්නෙ ?

කියන දේ තේරුම් ගන්න කුකී...අපි ඒ සම්බන්ධෙට කැමති නැ...

ජන්කුක් ඔලුවේ අතගහන් හොද හුස්මක් අරන් කේන්තිය පාලනය කරගත්තා...ජන්කුක් ට දැනුනේ ලොකු කේන්තියක්...එක පාරටම ඔම්මටයි අප්පටයි වෙලා තියෙන්නෙ මොකද්ද කියන්න ජන්කුක් ට හිතාගන්න බැ....ඔම්මයි අප්පයි උනත් ජන්කුක් ට සැරෙන් කතා කරේ හිතකින් නෙමේ...තමන්ගේ එකම පුතාගේ සතුට නැති කරන්න ඒ දෙන්නම කැමති නෑ...

ජන්කුක් ගේ ඇස් වල කදුලු පිරෙද්දි ජන්කුක් දිහා බලන් ඉදපු ජියෝන් උගුර පෑදුවා...

අනික...අපි ඔයාට ගර්ල් කෙනෙක් හෙව්වා...අපි ලගදිම එන්ගේජ් වෙන්න දවසක් දාගමු...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now