ඇත්ත..
අයියට පස්සේ මගේ ජිවිතේට ආව එයාට මං ඇබ්බැහි වෙලා..
එයා නැති ජිවිතයක් ගැන හිතන්න බය වෙලා..
එයා නොදන්නවා වුණාට අයියා එහෙම නොහිතුවට එදා මට උණ හැදුනේ එයා නැති හින්දා..මං බය වුණා එයාට ගෙදර එන්න කිව්වේ අපි දෙන්නා ගැන දැනගෙන එයාට මාව අතාරින්න කියන්න වෙන්න ඇති කියලා..ඒක..ඒක එදා මගේ සිහිය මගෙන් අයින් කරන්ක තරම් බය හිතෙන දෙයක් වුණා..
නිවාඩු කාලේ නම් ගෙවුනේ හරි ඉක්මනට..ඒක අපිට එක්සැම් තියන්න කලින් දුන්න අන්තිම නිවාඩුව හින්දම එයයි මමයි දෙන්නම දැනගෙන හිටියා අපිට මේ හොස්ටල් එකේ ආයේ තනිවෙන්න අවස්ථාවක් එන්නේ නැ කියලා..
මෙච්චර දවස් මං නිදාගත්තේ එයාට තුරුල් වෙලා වුණත් හෙට ඉදන් එහෙම නිදාගන්න වෙන්නේ නැ කියලා මතක් වුණාම..
කමක් නැ අනිත් හැමදේටම වඩා අපි පරිස්සම් වෙන්න ඕන..
˸˸˸˸˸˸˸
ඊළග දවසේ ළමයි ඔක්කොමලා ඇවිත් ඉස්කෝලෙ පිරෙන්න ගත්තේ මෙච්චර දවස් තිබ්බ සාමකාමී බව නැති කරලා..
ඒ වගේම එයාව කලින් අග්‍රවම කරලා..
හැබැයි වෙනසක් තිබ්බා..ඒ නිහඬ අග්‍ර අස්සේ මගේ පුංචි ම දේකටත් කලබල වෙන අග්‍ර කෙනෙක් හැංගිලා හිටියා..
මට ඕනි වුණත් එයා එක්ක කතා කරන්න..එයාගෙන් එක වචනයක්නත් ගන්න බැරි තරමට එයා අනිත් අය ඉස්සරහා නිහඬ වුණා..
වෙනදා වගේ නැතුව පන්තියේදි වුණත් අපි එකට වැඩ කරා..මං පුළුවන් තරම් කතා කරලත් එයා කතා නොකරනකොට මං පුම්බගෙන අහක බලාගන්නේ ටිකකින් මේසෙ යටින් එයා මගේ අත පිරිමදිනවා කියලා දන්න හින්දමයි..
මගේ අග්‍ර..මට මෙච්චර ම ආදරේ කරන්න එපා රත්තරං..
එයා අනිත් හැම තැනකම කොච්ච්ර නිහඬ වුණත් එයා මගේ අග්‍රම වෙලා ඉන්න තැනක් තිබුණා..
ඒ අර ගහ උඩදි..
හැමදාම හවස 4ට අපිට අපි කැමති දෙයක් කරන්න ඉඩ දීලා තිබුණා වෙනකොට ගොඩක් අය ෆෝන් වල එල්ලිලා ඉන්නකොට එයයි මමයි පොතුත් අරන් මේ ගහ උඩට ආවා..
YOU ARE READING
𝕎𝕠𝕦𝕝𝕕 𝕌 𝔹𝕖 𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ⃦ Completed ✔️
Fanfictionදෙකොපුලේ වෑහෙනා...සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ...සුව පවා හොඳින් දැනී... නිදහසේ දඟකලේ...ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ...සිතුවිලි නිවුනේ... ඉල්ලාවී මේ දෑසම...පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම...විඳගමූ සංසාරෙම... Start :- 28.10.2022. End...
Chapter 26
Start from the beginning
