තුන්වෙනි කොටස

458 119 27
                                    

"හම්බෝ.... ආදීගෙන් වචනයක් කතාකරවගන්න මං හිතන්නේ මස දෙකක්වත් යන්නඇති..."

"................."

"ගෙදරයන්න කම්මැලිකමට මම ඉස්කෝලෙන් පරක්ක්වෙලානේ යන්නේ... ආදිත් එහෙමයි. දවසක් ඌ පංතියේ ඉඳගෙන ඉන්නවා දැකලා මමගියා කයියක්දාගෙන ඉන්න හිතාගෙන.... අදි නෙමෙයි මම ආවද කියලවත් බැලුවේ!"

".................."

"අඩෝ! ඒකත් නික්ං මේවගේ! මම හෝගාලා කතාකරනවා..... ඌත් උඹවගේම අහගෙන ඉන්නවා!"

"................."

"එකම වෙනස උඹට කතාකරන්න පුළුවන් වුනානම් මට වචනයක්වත් රිංගගන්න බැරිවෙනඑක විතරයි! හාහ්... හාහ්!"

"................"

"එනිවේ.... මම දවස්දෙකක් ඉස්කෝලේගියේනෑ උණහැදිලා ඉඳලා... ආයේ අනිත්සතියේ ගියාම ඉස්කෝලේ ඉවරවෙනකොටම වගේ ආදී ඇවිල්ල මගෙන් අහපි 'මොකෝ ආවේ නැත්තේ,?' කියලා! අඩෝ! මට තිබුණ ඇඟේ අමාරුවත් අඩුවෙලාගියා!"

"................"

"දන්නවද සයනංක? සමහර වෙලාවට මනුස්සයෝ වචනවකින් උදව්ඉල්ලන්නෙ නෑ.... ඇක්ශන්වලින් ඉල්ලන්නේ... උවමනාවෙන් බලාගෙනහිටියොත් ඒවගේ අයට උදව්කරන්න අමාරුනෑ..."

"................"

"ආදිට මාව වදයක්නම් ඒක ඌ මුලදිම කියනවා.... මමහිතන්නේ ඌටත් කතාකරන්නහරි යාලුවෙක් ඕනිවෙලා ඉන්නඇත්තේ.... සමහරවිට ඌම දන්නෙත්නැතුව ඇති."

..........."

"අඩෝ ස්ලීපිං බියුටි! තො අහගෙනද ඉන්නෙ?!"

"ඔව් බල්ලෝ! මැරිලා නෑ...."

"අම්බො ඇති යංතං.... මෙ සතිදෙකට උඹකතාකලාමද මන්දා...." දෙව්පසන් සැහැල්ලුවෙලා කිව්වා.

"ආදී මොනාටද දක්ශ?"

"උඹට තාම කතාකරන්න අමාරුයිවගේ සයනංක.... උඹ ඔහොම අහගෙන හිටපං. මම කතාකරන්නම්."

"හ්ම්....."

"ආදීට පුළුවන්දෙවල්ද? ඌ දක්ශ ගොඩක් දේවල්තියෙනවා. ඒත් හිතං ඉන්නේ ඌට පුළුවන් එකදෙයක් විතරයි කියලා...!

ඉතිං, මේ මගේ හිත...Where stories live. Discover now