chapter 04

133 28 11
                                    

අද උදේ ඉදන් මල්ලි ගෙදර නෑ.. අද txtලගේ  කොන්සට් එකනේ. මල්ලිත් ඉතින් බිසී.. ඊයේ හවස කොල්ලො තුන්දෙනා යද්දි මගින් මගටම එයාලගේ කොන්සට් එක බලන්න එන්න කිව්ව නිසා අද හවසට මමත් කොන්සට් එක බලන්න යනවා.. vip ticket එකකුත් දුන්න නිසා කොහොමත් මම යන්න තමයි හිටියේ. මේ ටිකේ මමත් ෆ්‍රීනේ ඉතින්.. ගෙදෙට්ටම කොටු වෙලා ඉන්නත් කම්මැලි අප්පා..

හ්ම්ම්... කොන්සට් එක තියෙන්නේ හවස 6ට.. ඒත් තාම දවල් 12යි අනේ.. තව පැය 6ක්ම තියෙනෝනේ.. ආයිශ්.. මට කම්මැලි අප්පා.. ආහ්.. ඔන්න ඔහේ ෆෝන් එක අරගෙන සෝශල් මීඩියා වටේ රවුමක් ගහලා එමු නේ..

මම එහෙම හිතලා චාජරේ ගහලා තිබ්බ භාගෙට චාර්ජ් උන ෆෝන් එකත් ගලෝගෙන ඇදට පැන්නා.. ඊටපස්සේ කොට්ටෙට උඩින් ඔලුවත් තියාගෙන ඉන්න පහසු විදියකට ඇදේ ඇලවෙලා ඩේටා ඔන් කරා..

ට්ට්ක්.. ටීක්ක්..

හී ඩේටා ඔන් කලා විතරයි.. රටේ ලෝකේ නැති මැසේජුයි නෝර්ටිෆිකේශනුයි එන්න ගත්තා..

ආයිශ්.. මේ මගුලෙ ඩේටා ඔන් කරන්න කලින් ෆෝන් එක සයිලන්ට් දාන්න අමතක වුනානේ..

මම මටම බැන ගන්න ගමන් ෆෝන් එක සයිලන්ට් දාන්න යද්දි තමා දැක්කේ මගේ බනී ඔප්පාගේන් නෝර්ටිෆිකේශන් එකක් ඇවිත්.. හී හී.. එයා ඉන්ස්ටර් පෝස්ට් එකක් දාලා.. ඒක දැක්ක ගමන් කරන්න ආපු වැඩෙත් පැත්තක මම සුටුස් ගාලා දුවලා ගියේ ඔප්පාගේ ස්ටේටස් අප්ඩේට් එක බලන්න..

අනේ ඔප්පාව මට මෙහෙමවත් දකින්න පුලුවන්නේ ඒ හොදටම ඇති.. ආදරෙයි මගේ බනීයෝ..

ෆොටෝ එක ලෝඩ් වෙන අස්සෙත් මගේ හිතේ ආදර ගිනි ඇවිලෙනවා. හ්ම්... ඔප්පා පෝස්ට් එකක් දාලා කියලා දකින එකම ඇති මගේ හාට් එක හැටට හැටේ රේස් දුවනවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now