His ' patiee ☘️' ✈

ابدأ من البداية
                                    

" අහ් යීබෝ ....ඔයා මට කෑම ගෙනාවද.....?? "

එයා හැරිලා මන් දිහා බලලා earphones ගැලෙව්වා......මම ඉතිං ඔලුව වැනුවා...

" ඔයා කෑවද යීබෝ ......??"

අනෙහ්.....මම දැන් මොකද්ද කියන්න ඕනේ.....අනිත් pilotටත් ඇහෙනව ඇති ......මම ට්‍රේ එක අත් වලට තද කරන් බිම බලාගත්තා.....

" කෝ.........?? මම ප්‍රශ්නයක් ඇහුවේ..?"

එයා නැවිලම මගේ මූණට එබුනා....

" හ්ම්ම්......"

මම ඔලුව වනල හ්ම් කියල එයාට කෑම බොක්ස් එක දික් කළා....

" තැන්ක් යූ ......."

එයා සන්ග්ලාස් දෙක ගලවල මන් දිහා කන්න වගේ බලාගෙන තැන්ක් යූ කිව්වා..... අනේ ඇයි අනේ ඕම බලන් ඉන්නේ......??

එයා මගේ අතේ තිබ්බ ට්‍රේ එක අතට ගත්තේ මං ට්‍රේ එක අල්ලන් ඉදපු ඇගිලි වලට තට්ටු කරගෙන වගේ...... හරිනෙ ඉතිං මෙයා දැන් ට්‍රේ එක ගත්තෙ ඇයි කෑම එක ගන්නැතුව.....

" කැ.....කැප්ටන්.....මේ....... ට්‍රේ....එක .....??"

" අහ් ....බය වෙන්න එපා පැට්ටෝ මම ඒක කන්නෑ......"

එයා කෑම බොක්ස් එක ඔඩොක්කුවෙන් තියන් ට්‍රේ එක ආයෙ මට දුන්නේ අමුතු හිනාවක් දාලා....

" ම...ම....යන්න....ම්.... කැ....ප්ටන්..."

මම එයා දිහා බලලා ඉක්මනට රූම් එකෙන් එළියට පැනල දොර ලොක් කරල ලොකු හුස්මක් පිට කරා.....බුදු අම්මෝ මන් හිතුවෙ මාව එතනම කලන්තෙ දායි කියල ..... ඉක්මනට දොරේ අගුලු ඔක්කොම දාලා මම ආයෙ කිචන් එකට ගිහින් ට්‍රේ එකත් කාගෙද මන්දා අතකට දීලා staff zone එකට රිංගුවා...

" අම්මෝ පපුව......"

මම පපුවටත් අත තියාගත්තා....මගේ අතට හොදටම දැනෙනව හදවත වේගෙන් ගැහෙනව.....එයා ඇයි මගෙන් කෑවද ඇහුවෙ..... ?? අහ්....අයියෝ ඉතිං මම කෑවත් නැතත් එයාට මොකද....

මම මගේ අත දිහා බලන් ඉදියා.....එයා අතත් ඇල්ලුවද.....???

මම මගෙන්ම අහගෙන හතරගාතෙ දාගෙන ශීට් එකේ දිගෑදුනා.....

✈✈✈✈✈✈✈✈✈✈️

" යීබෝ නැගිටපන්....අයියෝ උබව ඇහැරවන්න නම් මට වතුර බවුසරයක් ගේන්න වෙයි .....නැගිටිනවකෝ හලෝ..........."

Fly To Air ✈️ حيث تعيش القصص. اكتشف الآن