23 - උණු කඳුලු වැල්

Start from the beginning
                                    

නෙතුමයි යසියයි බලාගෙන ඉන්නේ සෑහෙන්න අවුලකින් වගෙයි.. මම උන්ට බැන්නා වගේ උන් මූනු හදාගෙන දෙක කරන් මගේ දිහා බලාගෙන ඉන්නේ.. පිස්සු මුං ඔක්කොටම.. මගේ රන් බබා කේන්ති ගත්තම මුන් ද මාව බේරන්නේ.... පොඩ්ඩ ඇති මිරිස් කරලට...

මගේ මූනේ ඉඹේටම හිනාවක් ඇඳුනා....

" මේ කෝ බන් මේ කුස්සියේ බඩු ... ????"

මම ෆ්‍රිජ් එක ඇරියම මුකුත්ම නෑ... ඒක හිස්.... හරියට මොකද්දෝ වගේ... මගේ පපුවත් එතකොට මොකද්දෝ හිරියකින් පිරිලා ගියා....

" හිරූ.......ඕක නවත්තපං........!!!"

යසියා ඇස් දෙකෙන් වැටෙන කඳුළු පිහිදගෙන කියද්දී මගේ හිතට මහ මූසල හැඟීමක් ආවා..  ඇගේ වැදුණු සීතල හුළං පාරක් මගේ ඇගම කිලිපොලාගෙන ගිහින් අතේ තිබුණ ඇලුමිනියම් භාජනය අපි තුන්දෙනාගෙ නිහඩ බව බිඳගෙන සරාන් ගාලා බිමට වැටුණා....

" හිරූ........හ්..........""

නෙතුම් මං ලගට දුවගෙන එද්දී මම දැක්කේ මගේ කකුල උඩ පෑරුණු තුවාලයක් .. වෙනදට සීරීමකටත් දැනෙන මගේ ඇගේ මොකද්දෝ හැඟීම් දැනීම් නැති ගතියක් තියනවා කියලා මට හිතුනත් මම ආපහු හැරුණේ සුප් එකක් නැත්නම් බත් කැඳ එකක් හරි හදාගෙන යන්න... මම කබඩ් ඇරියම හාල් තිබ්බා ලුණු තිබ්බා.... මම දෙකම අරන් මේසේ උඩිත් තියලා හාල් ටික ගත්තේ හෝදන්න....
ඒත් එක්කම මට දැනුනේ මගේ ඇගට උණුසුම් වෙලා යනවා වගෙයි... උණුසුම් අත්වලට මාව කොටු වුන නිසා මම හැරිලා බැලුවා....
නෙතුමුයි යසියයි දෙපැත්තෙන් මාව බදාගද්දී මගේ හිත අමුතු හැඟීමකින් පිරිලා ගියේ මටත් හිමි නැති කඳුළු මගේ ඇස් දෙකෙන් ගලාගෙන යද්දී... මොන මගුලකට මම අඩනව ද මංදා..

" අයින් වෙයල්ලා යකෝ.... මගේ කොල්ලා දැක්කොත් උඹලගෙ කොණ්ඩ ගහකටවත් මම ඉන්ෂුවරන්ස් එකක් දෙන්නේ නෑ...."

" හිරුවා............ඕක නවත්තපං.... උඹ දන්නවා අභීට මොකක්ද උනේ කියලා... උඹ ඔහොම පිළිගන්නේ නැතුව හැසිරුනා කියන්නේ උඹ පිස්සෙක් වෙන එක බං... යථාර්ථය තේරුම් ගනින් මචං... අභීගේ අම්මලා අද හවස 3.00 ට කොල්ලගේ අවසන් කටයුතු කරනවා කිව්වා බන්... ඒ නිසා ඉක්මනින් ලෑස්ති වෙයන්... අවසන් මොහොතේ හරි උඹ අභී ලඟ ඉන්න ඕනි.. අභීට හිත හදාගෙන හොඳ ආත්මයකට යන්න කියලා ප්‍රාර්ථනා කරපං බන්... නැත්නම් කොල්ලාගේ ආත්මයට සැනසීමක් නැතුව යයි හිරුවෝ.........ප්ලීස්.............!!"

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now