"ආශ් ඩෝ එක අරින්න එපා ආශ්"
දැක්කද සිතූ ඉස්සර ඔයාවම බලාපොරොත්තු උන මේ හිතත් දැං ඔයාව ටිකෙන් ටික ප්‍රතික්ෂේප කරන්න අරගෙන
ඒත් එහෙම එපා...මං කැමති නෑ සිතූ
මට ඕනෙ සිතුවම් ගීසඳ අභිෂේක් ගෙ නොනිමි රිසඳු ආකාෂ් වෙන්න
ඉස්සර සිතූගෙ ආශු වෙන්න...
ඒත් මෙහෙම එපා සිතූ..මෙහෙම එපා..හැමදාම ඔයා පස්සෙ දුවපු මේ ඇස් වෙනුවට ඒ තනිකලු ඇස් වලටම ඔයා වහවැටුනෙ ඇයි සිතූ
ඔයාට මතකද අපි මුලින්ම හම්බුවෙච්ච දවස..නෑ එක්කො මතක නැතුව ඇති...ඒත් මම කිව්වනෙ මට මතකයි...අපේ පුංචිම දෙයක් උනත්
ඉතිං මතකද එදා...මුලු රටම දන්න රෝයල් ප්‍රින්ස් ක්ලබ් එකේ අනාගත අයිති කාරයා..ඒ කියන්නෙ මේ මම....හුහ්...නොනිමි රිසඳු ආකාෂ් පිස්සෙක් වගේ ක්ලබ් එක ඇතුලෙ ගහගත්ත හැටි...
සිරාවට ඇයි මම එදා ඔයාට ගැහුවෙ...වැඩි මතකයක් නෑ ඒ ගැන..ඒ එදා මං හතරගාතෙන් ඉදපු හින්දා..ඒත් මතකයි....සල්ලි වලින් ඔලුව උදුම්මගෙන ඉදපු...නෑ එහෙමයි කියලා ලෝකෙටම පෙන්නපු ඔහේ පාවෙවී ඉදපු නොනිමි රිසඳු ආකාෂ්ව ඇත්ත ලෝකෙට බස්සන්න ඔය හයිය අතෙන් වැදුනු ඒ පාර සුපිරියටම වැදුනා හැබැයි...හැබැයි සිතූ ඒ පාරට වඩා එදා කියපු ඒ වචන සිය පාරක් මාව මැරුවා
ඒත් සිතූ දැනන් ඉදියෙ නෑ නේද එදා...මම තාමත් මගේ ඒ තාත්තව දන්නෑ කියන එක
ඇත්තටම සිතූ මගේ ගෙදර ඉන්න කෙනා මගේ ඇත්තම තාත්තද?....නැත්තං අයියා කියනවා වගේ මම අනාතයෙක්ද?....එහෙමත් නැත්තං මගේ ඇත්තම තාත්තා...
අම්මා දවසින් දවස මාරු කරන පිරිමින්ගෙන් එක්කෙනෙක්ද?
මං දන්නෑ සිතූ
_______මතක_________
"තෝ..කවුද යකෝ...මේ මට අත තියන්න...ද..න්නවද...මම කවුද කියලා....ආ...බල්ලො...මගෙ තාත්තා තමයි...."
'' නවත්තපන් ඔය කන්කෙදිරියාව...තාම පොඩි එකෙක් නේද....රිංගගෙන දැම්මම මේ ගුබ්බෑයම් අස්සෙ...උඹේ අප්පා කවුද කියන එක මට මොකටද බං...ඒක අහගනින් උඹේ අම්මගෙන්"
___________________________
Cold skin ,drag me feel on the tile
As I'm walking down the corridor
And I know we haven't fakeed in a while
So I'm lokking for an open door

YOU ARE READING
[Abandoned_Hands]
Romanceපෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේනම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්