මාව බලාගත්තට කුමාවෝ කුකී.මන් ඔයාගේ හියුන් වෙලත් ඔයාට සිද්දවුනා මාව බලාගන්න
ඒ මූණේ ඇදිලා තිබ්බේ වේදනාත්මක පසුතැවීමක්

ඔයාව බලාගත්තට නෙවෙයි හියුන්. මම හැමදාම ඔයාව බලාගන්නවා.සදහටම...

ඒක නෙමෙයි,යුමී නූනා හොස්පිට්ල් ගියාද?
කතාව වෙන පැත්තකට හරවන්න ඕනි නිසා මන් ඇහුවේ නූනා ගැන.හියුන් හිතත් ඉන්නේ මට එයාව බරක් කියලා,ඒත් මගේ ජීවිතේ මන් ගැන ඕනවටත් වඩා හොයලා බලලා,මාත් එක්ක ඉදපු මනුස්සයා මට බරක් නෙවෙයි කියලා ඔයා තේරුම් ගන්නේ කවද්ද හියුන්??

හ්ම්ම් ගියා..අද කලින් එනවා කිව්වා කොහෙද යන්න ඕනි නිසා.

ඕහෝඕඕඕ ඒමද? හාකෝ හාකෝ දිමින්සී...
හියුන්ව අවුස්සන ඕනි නිසා මාත් චාටර් හිනාවක් දාලා කුස්සියට ආවේ උදේ පාන්දර මගේ මිල්ක් එක හොයාගෙන....නිකම්ම මිල්ක් නෙවෙයි...ඒවා බනානා මිල්ක්.......

යාහ් අක්කයි මල්ලියි මාව කොහේ උස්සන් යන්නද හදන්නේඒඒඒ????
හියුන් කාමරේ ඉදන් යටිගිරියෙන් කෑගහන එක ගානකට නොගෙන මම කිචන් එකට ආවා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
උදේ කෑම ගන්න ගමනුත් මගේ හිත තිබුණේ වෙනම කල්පනාවක, ජීවිතේ කිසිම විදිහට නොහිතපු කෙනෙක් නිසා අද අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා...

ඒ වෙන කවුරුත් නෙවෙයි යුමී නූනා.....

එදා ටේහියුන් කිව්වා වගේම අපේ ජීවිතවලට ආයෙම හිනා වෙන්න පුලුවන් කාලයක් ඇවිත්...හැම කෙනාම එකවගේ නෑ..මේ ලෝකේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න අපිට කාලයක් යනවා..ඒ තේරුම් ගැනීම හරි විදිහට ඉක්මනට කරපු කෙනා දිනුම්...

එහෙම නැති වුනොත් අපිට පරදින්න වෙනවා....

දෙවනි අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්.....

එදා නූනා හියුන්ට ආදරෙයි කිව්ව දවසේ මම තරම් සතුටු වුණ කෙනෙක් තවත් නැතුව ඇති..ඒත් මම බය වුණා..ඒ අහිංසක හිතට තව හිතක් ලං කරන්න.මොකද මම හොදටම දැනගෙන ඉදියා හියුන් එයාගේ හිත හදාගන්න විදපු දුක....ඉතින් මේ පාරත් ඒ හිත බිදුනොත් ,

ආයෙම හදාගන්න අමාරු බව මම හොදටම දැනගෙන ඉදියා....




නූනා ඔයා හියුන්ට ආදරේ කරන්නේ ඇත්තටම නේද? ඔයත් ආදරේ සල්ලිවලට නම් ගන්න හදන්නේ, ප්ලීස් ඒක නතර කරන්න...මේක තව දුර නොයවා මෙතනින් හැරෙන්න
ආයෙත් පාරක් ඒ හිත රිදෙනවා බලන්න බැරි නිසයි මම ඉක්මන් වුණේ..කලින් වුණ වැරැද්ද ආපහු සැරයක් වෙනවා දකින්න මම කැමති නෑ..ඒක නිසාමයි මම මේක ගැන නූනා එක්ක කතා කරේ..

My powerless Hero || Completed ||Dove le storie prendono vita. Scoprilo ora