Chapter 2🥀

201 34 103
                                    

"ෂ්........ කටවහගන්නවා..."
ගොරෝසු කටහඬකින් එයා කියද්දි මම හුඟක් බය උනා... මෙයා තමා අර මිනිහව මරන්න ඇත්තෙ... මිනීමරුවෙක් මෙයා... අනේ මෙයා මාවත් මරයිද...? ඒත් එක්කම...

"දෙන්නම අත් දෙක උස්සනවා... පැනල යන්න හිතන්නවත් එපා... වෙඩි තියනව මම...."
කාමරේට තව කට්ටියක් ඇවිත් එයාලගෙ අතේ තිබුනු තුවක්කු අපේ පැත්තට එල්ල කලා... මාව අල්ලන් හිටපු මිනීමරුව මාව අතඇරිය... මට මේ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න වත් බැරුව ගල් වෙලා වගෙ හිටියෙ... මොනව කරන්නද මොනව කියන්නද කියල හිතාගන්නවත් බෑ... ඔහේ වෙන දේ බලාගෙන හිටිය... එතන හිටපු කෙනෙක් මාංචු කුට්ටමක් අරගෙන ඉස්සරහට ආව... මං හිතන්නෙ... මෙයාල පොලීසියෙ අය...
එකපාරටම...

"එක්කෙනෙක් වත් ලඟට... මං මෙයාව මරනවා...."
අර මිනීමරුව මාව ඇදල අරන් පිහියක් මගෙ බෙල්ලට තියල එහෙම කිව්ව... එතන හිටපු අය ටිකක් බය උනා... මම කොච්චර බය වෙලාද ඉන්නෙ කිව්වොත් මාව බේරගන්න කියල පොලීසියෙ අයට කියන්නවත් කට හොල්ලන්න විදියක් තිබුනෙ නෑ... මම මේ දකින්නෙ හීනයක් වත් ද... මේ මිනීමරුව අතින් මාවත් මැරෙයිද... අනේ දෙවියනේ මාව බේරගන්න...
මිනීමරුව මගෙ බෙල්ලට පිහිය තියාගෙනම ඉස්සරහට ගිහින් කාමරෙන් එලියට ආව...

"කරන්න දෙයක් නෑ දෙන්නටම වෙඩි තියල දාපන්..."
පොලීසියෙ කෙනෙක් එහෙම කිව්ව... මොකක්... ඇයි මෙයාල මෙහෙම කියන්නෙ... මට ඒ ඇයි කියල අහන්නවත් හරියට සිහියක් තිබුනෙ නෑ... හොඳටම බය වෙලා හිටියෙ... ඒත් එක්කම මම දැක්කෙ එතන හිටපු කෙනෙක් මගෙ පැත්තට තුවක්කුව එල්ල කරනව... මට දුවන්නවත් සිහියක් නෑ... එක පැත්තකින් මිනීමරුවෙක් මගෙ බෙල්ලට පිහිය තියන් ඉන්නව... අනිත් පැත්තෙන් පොලිස් කාරයෙක් මට වෙඩිතියන්න හදනව... මම බයට ඇස් දෙක වහගත්ත...

ඩෝං💥

පොලිස් කාරය වෙඩි තියනවත් එක්කම මගෙ බෙල්ලට පිහිය තියන් හිටපු කෙනා මාවත් ඇදන් එහාපැත්තට පැන්න... අපි වැටුනෙ පඩිපෙල උඩට... පඩිපෙලට වැටිල අපි දෙන්නව රෝල් වෙලා ගිහින් මාව වැටුනෙ කාගෙ හරි ඇඟක් උඩට...

ᴛʜᴇ ᴍᴜʀᴅᴇʀ🩸🥀Where stories live. Discover now