දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
මුල් දවස් දෙක තුනේනම් අපි දෙන්නාම ගෙදරට වෙලා දෝණිව බලාගත්තා...
වෙනදට බාප්පලා ගෙදර එනකම් එයා ඉන්නෙ ඩේ කෙයාර් එකකලු
අපි දෙන්නාම ඉන්න නිසා ඇල්බා කිවුවා කෙල්ලව බලාගන්නම් කියලා...ඇල්බානම් ආසාවෙන් කෙල්ල කියන කියන කෝළම් කර කර
ඒකිව හුරතල් කර කර
එකිව බලා ගන්නවා...
කෙල්ල දැන් මටත් වඩා ඇල්බාට එකතුයී...
දැන් මම කැලේ...
මං ගැන ගානක්වත් නෑ...පොඩි කෙල්ලෙකුට උනත් සෙකන්ඩ් වෙතෑකිද???
බැහැනේ...ආආආඅයී ආයී...""
මම අත් දෙකෙන්ම මගෙ බඩ බදාගෙන
සෝෆාව උඩ පෙරලුනා...
ඇල්බා දුවගෙන එනවාද කියලා හොරැහින් බල බල
ආපහු ටිකක් වැඩිපුර සද්දෙන් කෑ ගැහුවා...ආආආයීයා....
මගෙ බඩ....""ඇල්බා දුවගෙන එනවා දැකපු ගමන්
මම ආපහු බඩ අල්ලගෙන සෝෆාව උඩ පෙරලි පෙරලි ඉදියා...බබා.... මොකෝ....
නෝටී මැණික මොකෝ උනේ....""ඇල්බානම් හොදටම බය වෙලා...
මාව නැගිට්ටවලා අරන් උකුල උඩින් තියාගෙන බඩත් අත ගගා අහනවා...
සැබෑ සෝක මූඩ් එකෙන් මගෙ අමාරු අහ්නවා...ඇබා අයියා එන්න....
නෝටි අයියා බොරු කරනවා...
නෝටියී...
මමත් ඩූඩූ එකට යන්න බෑ හිතුන දාට
බඩ රිදෙනවා කියලා ඩැඩාට බොරු කියනවා....""දැන් ඉන්න පොඩි උන් හරියට පැහිලා...
උන්ට බොරු කරන්නනම්
අපි පච clz එකකට ගිහින් A to Z ඉගෙන ගෙන එන්න ඕන...අපි තුන් දෙනාගෙ දහසක් කෝළම් මැද සතිය ගෙවෙද්දී
සතියක් යනකොට අපිට මෙහේ ජීවිතේට හැඩ ගැහෙන්න උනා...මෙහෙ ඉන්න මිනිස්සු දවල්ට ගෙවල් වල දකින්න නැති තරම්
ඉදලා හිටලා හරි දවල්ට මිනිහෙක් ගෙදර ඉදියොත් ඌ එක්කො රෑට වැඩ කරන එකෙක්...
සමහර මිනිස්සු උදේ ඉදන් හවස් වෙනකම් වැඩ කරලා ඇවිත්
ආපහු හවස තව කොහේ හරි තැනක වැඩ කරනවා...