දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
අද උදේ මම නැගිටිනකොට කටත් ඇරගෙන ඇල්බා නිදි
අදනම් මම කෑම හදන පන්ඩිත වැඩේ කරන්න යන්නෙ නෑ...
ඒ උනාට මගෙ මොලේට ක්ශනිකව ආපු කුප්ප අදහසනම් අහක දාන්න හිතුනෙම නෑ...
ඒ අදහස අපතෙ යවන එක මහ
අපරාධයක් නිසා
මගෙ බෝල පශ්ශ ඇල්බාගෙ මූණ කිට්ටුවට කරලා
මෙච්චර වෙලා හිර කරගෙන හිටපු Morning පඩේ release කලා...බ්ලෑක්....
බ්ලැහ්...
මොකද්ද ඕඉ ඒ කුණු බිත්තර ගද???ඇල්බාගෙ ස්නායු හෙන quick...
ඇල්බා දඩ බඩ ගාලා නැගිටලා දිවත් අතින් පිහදානවා..
කට ඇතුලටත් ගිහින්ද කොහෙද??හෑ....
ඒක වෙන්න බෑනෙ ඊයෙ රෑට මම බිත්තර කෑවේ නෑනෙ...""මම කල්පනා කර කර කිවුවහම තමයි
ඇල්බාට මොකද්ද උනේ කියලා මීටරේට ආවෙ...හෑයියා...
තවුසෙ මගෙ මූණට තියලා පැඩ්ඩද නෝටී....
හිටපිය මම කරන්න හොද වැඩක්....""පැනපු ගමන් එයා මගෙ අත් දෙක අල්ලලා ඇදට තද කරලා අල්ලගෙන
මූණ බඩ පපුව හැමතැනම හපන්න ගත්තාආපහු කරනවද ඔය වගේ වැඩ...
නෝටියා මගෙ...""බඩ හපනකොට මට කිති කැවිලා
කෑගහන නිසා මට ආදරෙන් බැන බැන
මගෙ බඩ එයා වැඩිපුර හැපුවා...
හිනාවෙලා දගලලා කෑ ගහලා
මට හති වැටුනහම එයා නවත්තලා යන්න හදුවෙ...මම එයාට කොට්ටෙකින් දමලා ගැහුවා...
කොට්ටෙත් ඇහිදගෙන එයා මගෙ ඇග උඩට පැනලා
ආපහු මාව හපන්න ගත්තා...මදිද හැපුවා ඈහ්...
තව හපන්නද???
ඉන්නවා ඉන්නවා මේ පාරනම් රිදෙන්නම හපනවා...""බලු පැට්ටෙක්ට අහුවෙලා වගේ එයා මාව ආපහු හපනවා...
කුචු කුචු හෝතාහේ කිවුවාලු...එපා එපා ඇතී...
කිති මට කිතී....
අයියෝහ් එපා අප්පාහ්...
මට කිතිනේ....""මම කොච්චර කෑගැහුවත් එයා නවත්තන්නෙ නැති නිසා
කොට්ටයක් අරන් මූණට ගැහුව...
ඒ පාර මාව හපන එක පැත්තකට දාලා
එයත් කොට්ටයක් අරන් අනිත් පැත්තට මට ගැහුවා...
අපි පොර කකා කොට්ට වලින් ගහගත්තා
කොට්ට උර පැලිලා පුළුං එළියට විසි වෙනකම්ම කොට්ට වලින් ගහගත්තා
අපි ගේ දෙවනත් වෙන්න කෑ ගගහා හිනා උනා...
