දසවන දිගහැරුම (අවසානය )

894 81 40
                                        

අද ඉරිදා . පුරුදු විදියට උදෙන්ම නැගිට්ටේ අද දවසම මට ක්ලාස් තියන නිසා....මම මොනදේ තිබුනත් ළමයින් ගෙ අනාගතේ අදුරු වෙන්න දුන්නෙනෑ... අඩු තරමෙ මම නැති උනත් ක්ලාස් ටික ඒ විදියට ම කරගෙන යන්න මම තව ගුරුවරයෙක් යොදවලා තිබුනේ... මොකද මම ලමයිට ගොඩාක් ආදරෙ නිසා... පුරුදු විදියට ම උදෙන්ම බුදු සාදුට පහන තියලා මගෙ අයියගෙ සතුට ඉල්ලුවා.... ඇත්තටම මට මගේ සතුට කියන්නෙ මගෙ අයියගෙ සතුට විතරයි ....එයා මගෙ පන ....
කාලා බීල මම ක්ලාස් එකට ගිහින් ලමයින් වෙනුවෙන් මගෙ සියළුම හැකියාවක් ම එයාලට ලබාදුන්නා... උදේ ඉදන් හවස් වෙනකන් ම මම නැටුවා... ඇත්තටම මම නටන්න ගොඩාක් ආසයි... ඒක මගෙ පොඩි කාලෙ ඉදන් තියන ආසාව... හරි අමුතුයි නේද ....ඉතිං මම ක්ලාස් ඉවර කරලා ආපහු ගෙදර එන ගමන් කෙලින්ම ගියේ සුපර්මාර්කට් එකට  මොකද හෙට මගෙ ගෙදර අනිත් අයගෙ සතුට වෙනුවෙන් හරි පොඩි පාටි කෑල්ලක් තියෙනවා ... අනේ මගෙ අයියත් හිටියනම් හෙට... අපි දෙන්ම ගොඩාක් ආසයි පාටි වලට .... හ්ම්ම්ම් මොනවා කරන්නද ඉතිං ...
මම බඩු ගොඩාක් ගත්තා... ඇත්තටම හෙට මම මගෙ යාලුවො වෙනුවෙන් වත් පොඩ්ඩක් හිනා වෙන්න ඕනි ....හෙට මම ගොඩාක් කෑමජාති හදන්න ඕනි ... ඔව්  මම ත් හෙට විනෝද වෙන්න ඕනි .. මෙහෙම ඉදලා බෑ මම ... මම ත් ජීවිතේ විදින්න ඕනි....මම මට ම කියා ගත්තේ මගේම හිත මම ම හදා ගන්න ඕනි නිසා....

ඉතිං බඩු ලොට් එකකුත් අරගෙන මග රෙස්ටුරන්ට් එකකින් කෑම එකකුත් අරගෙන ගෙදර ඇවිත් වොශ් දාලා මගදි ගත්ත කෑම එකත් කටට දෙකට කාලා ඉක්මනට නිදා ගත්තා...මොකද හෙට උදෙන්ම නැගිටලා කෑම හදන්න ඕනි නිසා.... ඒත් ඉතිං ඇස් පියා ගත්තහම එකම එක රූපයක් විතරයි මට මැවිලා පෙනෙන්නෙ .. මගෙ අයියා ... කොච්චර හිත හයිය කරගන්න හැදුවත් අයියගෙ රූපෙ ඉස්සරහ මම කඩාගෙන වැටෙනව....හැමදාම වගේ අදත් කදුළු පෙරාගෙන මම ඇඩුවා... ටික වෙලාවකින් මට නොදැනීම නින්ද ගිහින් තිබුනා....

" ගුඩ් මෝනින් දෙව් ...."
මම මටම කියා ගත්තා... කවුරු ඉතිං උදෙන්ම විශ් කරන්නද මට ..ඔන්න හෙට ඉදන් නම් ඉදීවි මොකද මිහිර්ලා මෙහෙ නවතිනව කිව්වනේ ටික දවසකට...ඉතිං උදෙන්ම නැගිටලා බුදු සාදුට පහන තියලා  මම උයන්න පටන් ගත්තා. මම කෑම ගොඩාක් හැදුවා ඉතිං ... බයිට් වර්ග ත් හැදුවා... මම නම් බොන්නෙ නෑ ජූඩ්කාරයට ඕවා එපැයි ඉතිං ....

සිහිනයක වූ අනාගතයWhere stories live. Discover now