අටවැනි දිගහැරුම

433 63 5
                                        

කාමරේ ඇතුලට ආපු 3දෙනා නිසා හිතේ තිගැස්මකින් හිටපු මට නුවන් සර් ගෙ රූපය  අස්වැසිල්ලක් උනා... ටික වෙලාවකින් නුවන් සර් දොර ඇරගෙන ආවෙ මූනත් අවුල් කරගෙන....

" මොකක්ද කොල්ලො මේ කර ගත්තේ. ආ. උබල දෙන්නගෙ ආදරේට කාගෙ ඇස්වහක් වැදිලද බං... උබ ගත්ත වැරදි තීරණය ක් නිසා තමා පුතේ අද උබ මේ විදවන්නෙ... "

සර් ගෙ ඒ කතාව එක්ක මට උපන් දිනය දවසෙ සිද්දවුන හැම සිදුවීම ක් ම එකින් එක මර්හක් උනා.... මගේ ඇස් වල කදුළු පිරුනේ මට නොදැනීමයි....ඒත් එක්කම කාමරේ ඇතුලෙ හිටපු සර් එක්ක ඇවිත් හිටපු කොල්ලො 3දෙනා මට ගෙනත් තිබුන සුප් එකක් වගේම පලතුරු ටිකක් මම ලගින් තිබ්බා ....

" කවුද සර් මේ ලමයි...."

"ඈබොල උබට මතක නැද්ද ... මෙයාලා කියපු විදියට ඔයා ට මැසෙජ් කරලා තියෙනවා ලු ෆේස්බුක් එකේ....."

" අනේ එහෙම ද ඒකතමා මට හොදට දැකලා පුරුදු...."

"මේ ඉන්නෙ සසිත් ,මෙයා විහඟ ඇත්තටම දෙව් මෙයාලා දෙන්නත් ඔය යි අය්යයි වගේ තමා... ඔයා ඇමරිකාව ට ගියාට පස්සෙ මේ 3දෙනා මම එක්ක ගොඩාක් එකතු උනා... මම ඉතිං මෙයාලගේ ආදර කතාවලට සාක්ෂිකරුවෙක් විදියට උදව් කලා....ගොඩාක් අහිංසක ලමයි 2ක් ... ඉස්සරහට ඔයාට උගන්නන්න ලැබේවි මෙයාලට..."

" අනේ එහෙමද සර් ,එතකොට මේ ලමයා කවුද ..."

මගෙ ඇද පාමුල මම දිහා අහිංසක විදියට බලාගෙන හිටපු කොල්ලා දිහා බලලා ඇහුවා....

" අහ් . දෙව්  මේ ඉන්නෙ මිහිර් ... ගොඩාක් අහිංසක හොද කොල්ලෙක් .ඔයා එක්ක කතා කරලා තියෙනවා ලු ඒත් ලොකුවට කතා කරල නැ ලු... ඇත්තටම මේ 3දෙනා ඇත්තටම හොද යාලුවො වෙයි දෙව් ඔයා ට..."

" අනේ එහෙමද සර් .. මට ආයෙ කවුරුත් ඕනි නෑ සර් ... මට ඕනිමකෙනත් දැන් මම ලග නෑ නේ...අනිත් අය ගැන කවර කතාද...මේ ඉන්න විදිහ හොදයි සර් ... ඒත් මගෙන් මේ ලමයි ට ඕනි උදව්වක් පුළුවන් විදියට කරනව... වැඩේ කියන්නෙ මම එකපාරටම හිතුවෙ මේ තුන්දෙනා  සසිරු එවපු මැර කොල්ලො 3ක් කියලා  😅😅........"

"හරි හරි ඒක අපි බලමුකෝ ...දැන් ඔයා ලග කවුද ඉන්නෙ ... තනියම ඉන්නත් එපා ලමයො ...උදව්වට කවුද ඉන්නෙ ..."

සිහිනයක වූ අනාගතයWhere stories live. Discover now